ඔන්න 16 කොටසටත් උපසිරැසිය අරන් ආවා. ඉතින් කොහොමද කට්ටියටම? මඟ බලන් හිටියා නේද මේකත් අරන් එනකන්. පුරුදු විදිහටම පහුගිය කොටස ටිකක් මතක් කරන්නම්කෝ. පෝල් නම් ගෙදර ඉන්නේ. නමුත් රියානා පෝල්ගෙ ලෝකෙ අතරමං වෙලා. එයා හැම තැනම පෝල්ව හොයනවා. මේ අතරේ රියානට තවත් ගෑණු ළමයෙක් හමුවෙනවා. එයා ජෙසී. ජෙසී කියන්නේ චිත්‍ර අඳින කෙල්ලෙක්. මිනිස්සු එයාට සල්ලි කීය කීය හරි දාලා යනවා. එයා මල්ලිත් එක්ක ජීවත් වෙන්නේ ඒ විදිහට තමයි. රියානට ආයේ පාරක් ජෙසීව හමු වෙනවා. රියානා ජෙසීගෙන් උදවු ඉල්ලනවා. නමුත් ජෙසී වැඩිය රියානව ගනන් ගන්නේ නෑ. ජෙසී රියානව එලාව ගන්නවා. නමුත් මේ අතර ජෙසීගෙ මල්ලි බෙන්ට පොඩි කරදරයක් වෙනවා. බෙන්ගේ ගේම් ප්ලෙයර් එක කොල්ලො දෙන්නෙක් බලෙන් ගන්නවා. රියානා මැදිහත් වෙලා බෙන් බේරා ගන්නවා. මේ සිද්ධිය නිසා ජෙසී රියානට කතා කරලා විස්තර අහනවා. දැන් රියානයි ජෙසියි හොඳ යාළුවෝ. ජෙසී රියානත් එක්කන් එයා ඉන්න තැනට යනවා. රියානා ජෙසීගෙන් උදවු ඉල්ලනවා පෝල්ව හොයන්න. නමුත් පෝල් ගේ නමේ ඉතුරු කෑල්ල රියානට මතක නෑ. කොහොම හරි රේන් වගේ එකක් කිවුවට පස්සේ ජෙසි ඩිරෙක්ටරිය බලලා රෙනෝල්ඩ්ස් කියන එක හොයාගන්නවා. නමුත් පෝල්ගෙ තාත්තාගේ නමේ මුල් කෑල්ල රියානට මතක නෑ. කොහොම හරි ජෙසී මල්ලි බෙන්ට කරන කියවීමේ පාඩමක් නිසා අන්තිමේදි බ්‍රේන් කියන වචනෙ නිසා බ්‍රයන් කියන කෑල්ලත් මතක් වෙනවා. බ්‍රයන් රෙනෝල්ඩ්ස් කියන නම හොයාගන්නේ ඒ විදිහට. ඉතින් පහුවදා බ්‍රයන් රෙනෝල්ඩස්ට පණිවිඩයක් දෙනවා කියලා කට්ටියම රෑ නින්දට යනවා.
මේ අතර අශ්කා රියානගේ පවුලෙ අය හොයාගෙන යනවා. අශ්කට බ්‍රෝන් අතේ තියෙන කැමරාව ගන්නකන් නිකන් පිස්සු වගේ ඉන්නේ. මොකද ඒකෙ තියෙන දේ රාජ්‍යාධිකාරීන් දැක්කොත් අනිවාර්යයෙන්ම අශ්කව පිටුවහල් කරන නිසා. අශ්කා මාරන්ගෙන් අහනවා බ්‍රෝන් කොහෙද ඉන්නේ කියලා. නමුත් මාරන් අශ්කට කියනවා එයා ඉන්න තැන දැනගත්තත් කියන්නෙ නෑ කියලා. ඒකට තරහ ගිය අශ්කා රියානගේ ගේ ගිණිතියනවා. ඒ වගේම සතියක් ඇතුලත බ්‍රෝන් අල්ලලා දුන්නේ නැත්තන් මුලු ක්ලේහිල් ගමම ගිණිතියනවා කියලා අශ්කා තර්ජනය කරනවා. ඒ වගේම මාරන්, අර්ලා, යාල් තුන් දෙනත් හිරකරන්න කියලා අශ්කා අණ කරනවා.
රියානයි ජෙසියි බෙනුයි නිදාගෙන ඉන්න තැන ගැලවීමේ හමුදාවෙන් පනිනවා. ජෙසියි බෙනුයි පැනලා දුවනවා. නමුත් කොහොම හරි රියානට පැනගන්න බැරි වෙනවා. වැටිලා කකුල උළුක් වෙනවා. ඊට පස්සේ රියානව රෝහලකට අරන් ගිහින් ඇඩ්මිට් කරනවා. රියානා රෝහලේදි කරන දේවල් නිසා කට්ටිය හිතන්නේ රියානට මොලේ අවුලක් තියෙනවා කියලා. ඒ නිසා රියානව මනෝ වෛද්‍ය වරයෙකුට යොමු කරනවා. කොහොම හරි ජෙසී පෝල්ට පණිවිඩයක් තියලා තියෙනවා රියානා ඉනනේ මවුන්ට් එලිසබෙත් රෝහලේ කියලා. පෝල් රියානව බලන්න යනවා. නමුත් රියානව එලියට ගන්න දෙන්නෙ නෑ රියානගේ වයස අඩු නිසා. ඒ නිසා පෝල්ට රියානා තියලා ආපහු යන්න සිද්ධ වෙනවා. කොහොම හරි රියානා මෙතනින් පැනලා යන්න උත්සාහ කරනවා. මේ අතර පෝල් ඇලෙක්ස් එක්ක එකතු වෙලා බලඇඳුමේ බලගල ආරෝපණය කරගන්න උත්සාහ කරනවා වරාවේ භාවිතා කරන ෆෝක් ලිෆ්ට් එකේ කාන්දම භාවිතා කරලා. හරි. පෝල්ගේ උත්සාහය සාර්ථකයි. පෝල් බලගල ඇඳුමට සවිකරලා බලඇඳුම ක්‍රියාත්මක කරනවා. එතකොට වෙන දේ දැක්කා නේද? හරි... ඊට පස්සේ වෙන දේ දැනගන්න මේ කොටස උපසිරැසියත් එක්කම රසවිඳින්න. ඊ ලඟ කොටසත් අරන් ඉක්මනින්ම එනකන් ජය වේවා!!!

අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න
Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E
No comments:
Post a Comment