Sunday, August 7, 2016

මායාබන්ධන - 19

කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? ඔන්න ඔයාලා ආසාවෙන් බලන් හිටපු 19 කොටසටත් උපසිරැසිය අරන් ආවා. සුපුරුදු පරිදි පසුගිය කොටස ගැන ටිකක් කියන්නම්.
දැන් අණදෙන කුළුණ හදලා තියෙන්නේ. පෝල්ගේ රේඩියෝවට කොරියොන් කතා කරනවා නෙත් ගලෙන්. පෝල්ට මේකනම් පුදුමයක්. මොකද කොරියොන් මුඩු බිමට පිටුවහල් කළා අශ්කාගේ අභියෝගය පැරදුනු නිසා. මතකයි නේද?



පොලීසිය රියානගේ පස්සෙන් පන්නනවා. රියානා දුවනවා. පොලීසියට රියානව නම් අල්ලගන්න ලැබෙන්නෙ නෑ. මොකද රියානා කියන්නේ ගොඩාක් දක්ෂ කෙල්ලෙක් කියලා ඔයාලා දන්නවනේ නේද? කොහොම හරි රියානට ආයේ පෝල්ගෙ ගෙදරය යන්න පාර හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා රියානා කොහොම හරි ජෙසී ඉන්න තැන හොයාගන්නවා. බෙන් ලෙඩ වෙලා. ඒ වගේම ජෙසී ඉන්නේ ගොඩාක් දුකින් එයාගේ තාත්තා හොයාගන්න බරි නිසා. ඉතින් රියානා පොරොන්දු වෙනවා ජෙසීට උදවු කරන්න. රියානා ජෙසීට කියනවා උප්පැන්නය ගැන. ඒක ගන්න කට්ටියම රෙජිස්ටාර් කාර්යාලයට යනවා. නමුත් උප්පැන්නය ගන්න සල්ලි නෑ මෙයාලා ලඟ. මෙයාලට උප්පැන්නේ වැඩක් නෑනෙ. තාත්තාගේ නම තමයි දැනගන්න ඕනි. ඉතින් රියානාගේ මොළයට පින්සිද්ධ වෙන්න කොහොම හරි ජෙසීගෙ තාත්තාගේ නම දැනගන්නවා. ඉතින් ඒ නම තියෙන අය ඩිරෙක්ටරියෙන් හොයලා හැම කෙනෙක්ගෙම ගෙදරට යනවා. අන්තිමේදි ලියුමක් ලියලා දාලා එනවා. ජෙසී බලන් ඉන්නවා මේ ලියුම දැකලා තාත්තා දැන් එයි දැන් එයි කියලා. රියානාත් නිකන්ම යන්නේ නෑ. එයා යන හැම තැනකම මායාබන්ධකයන්ගේ සලකුණක් ඇඳලා යනවා. පෝල් මේක දැකලා ඒ සලකුණ පස්සෙන් යනවා. කොහොම හරි අන්තිමේදි පෝල් රියානා ඉන්න තැන හොයාගන්නවා. නමුත් රියානා ජෙසී එක්ක ඉන්නවා එයාගේ තාත්තා එයි කියලා එයා බලන්නත් එක්ක.  කොහොම නමුත් රෑ හදිසියේම ජෙසීලා ඉන්න තැනට අමුත්තො තුන් දෙනෙක් හදිසියේ ගොඩ බැහැලා පහර දීමක් සිදු කරනවා. ඉතින් රියානාගේ දක්ෂකම නිසා මේ තුන් දෙනා පසු බැස්සත් පහුවදා ආයෙත් මේ තුන්දෙනා මෙයාලාට පහර දෙන්න හොයාගෙන එනවා.
මේ අතරෙ පෝල් ඇලෙක්ස් දෙන්නා මංලු බාන්න යන්න හදන්නේ. දන්වානේ ඉතින් මාලුබාන්න යනවා කියලා යන්න හදන්නෙ කෙහේද කියලා. කොහොමින් හරි පෝල්ගෙ තාත්තා බ්‍රයන් ඇලෙක්ස්ගෙ තාත්තා කැට්සෝනි එක්ක කතා කරලා පෝල්ට මාලු බාන්න යන්න අවසර දෙනවා. කොහොමින් හරි මේ දෙන්නා තුන් දෙනාම සෙට් වෙන්නේ මොකටද කියලා පහුගිය කොටස බලපු අය දන්නවානේ නේහ්? ඉතින් මේ අතර අර පිස්සෝ තුන් දෙනා ආයෙත් රියානයි ජෙසියි බෙනුයි පස්සේ පන්නනවා. ඉතින් වෙලාවට ලාරා කන්දට යන්න පුලුවන් වෙයිද? රියානට එයාගේ ලෝකෙට යන්න පුලුවන් වෙයිද? ශක්ති දොරටුව ඇරගන්න පුලුවන් වෙයිද? කොරියොන් වෙලාවට අණදෙන කුළුණ ලඟට ඇවිල්ලා ඉඳියිද? ඉතින් මේ කොටස බලන්නම වෙනවා මේවට උත්තර දැනගන්න. එහෙනම් 20 කොටසත් අරන් පුලුවන් ඉක්මනට එනකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා කියලා පතනවා!!!


සිංහල උපසිරැසි මෙතනින් බාගන්න


අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Magnet

No comments:

Post a Comment