Sunday, August 7, 2016

මායාබන්ධන - 18

ඔන්න 18 වෙනි කොටසත් අරන් ආවා. මං දන්නවා මේක එනකන් මඟ බලාගෙන ඉන්නවා කියලා. සුපුරුදු පරිදි පසුගිය කොටසින් වෙච්ච දේවල් ටිකක් කියන්නම්. අමතක අයට මතක්කර ගන්නත් එක්කම. මතකයිනේ රියානා කෑම හදන් කාපු හැටි. ඉතින් පෝල් ඉස්කෝලෙ ඇරිලා එද්දි කුස්සිය පිස්සන් කොටුවක් වගේ. කොහොම හරි රියානාව අහුවුනා ක්‍රිස්ටීන්ට. විස්තරය කියද්දි ක්‍රිස්ටීන් නම් පිළිගත්තා මේ කතාව ඇත්ත කියලා. රියානව හංගන්න කලින් මෙන්න පෝල්ගෙ තාත්තත් එනවා. මොනවා කරන්නද? ලඟම තිබුණ කබඩ් එක ඇතුලේ රියානව හංගලා පෝලුයි ක්‍රිස්ටීනුයි එකතු වෙලා බොරු ගොඩාක් කියලා තාත්තව යවනවා. කොහොම හරි තාත්තාට හොරෙන් පෝලුයි ක්‍රිස්ටීනුයි රියානා ගේ ඇතුලේ තියන් ඉන්නවා. පෝල් ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙද්දි රියානටත් ඉස්කෝලෙ යන්න ඕනි වෙනවා. ඉතින් මොනවා කරන්නද?
පෝල් බොරුවක් ගොතලා රියානවත් එක්කන් ඉස්කෝලෙට යනවා. ඉතින් පෝල් හදන්නේ රියානගේ ලෝකෙට කතා කරන්න උත්සාය කරන්න. මොකද රියානාගෙ දෙමාපියෝ ගැන හරි තොරතුරක් දැනගන්න රියානට ඕනි නිසා. ඉතින් බල ඇඳුමේ නෙත් ගලත් විනාශ වෙලා. පෝල්ට මතක් වෙනවා ඇලෙක්සුයි කැත්‍රීනයි සමාන්තර ලෝකෙට කතා කරපු රේඩියෝව. ඒක ඉස්කෝලෙදි කෙනට් සර් අත්අඩංගුවට ගත්තා මතකයි නේද? ඉතින් අද උත්සාහය රේඩියෝ එක ඉල්ලා ගන්න. නමුත් කෙනට් සර් රේඩියෝව දෙන්න කැමති නෑ. ඒ නිසා කොහොම හරි ඒක ගන්න ක්‍රමයක් කල්පනා කරනවා. ඉතින් ටොෆී හදන සූතුය තමයි විද්‍යාවට උගන්වන්නේ. මේ අතරේ කට්ටිට කතා කරනවා රේඩියෝව ගන්න. කොහොම නමුත් ග්‍රීක පුරාණයේ තියෙනවා කියන විදිහට කැමතිම දෙයක් පෙන්නලා කෙනට් සර්ව රවට්ටලා රේඩියෝව ගන්න තමයි දැන් සූදානම. රියානා තමයි රේඩියෝව උස්සන භාරදූර කාර්යය භාර ගන්නේ. දන්නවානේ ඉතින් රියානා කියන්නේ කොයි වගේ කෙල්ලෙක්ද කියලා. මායාබන්ධන මාලිගාවටත් හොරෙන් පැන්න කෙල්ලෙක්නෙ. නේද? රේඩියෝවත් අරන් ජනේලෙන් පනිද්දි කෙහොම හරි වැඩේ මාට්ටු වෙන්න ගියේ. ඒක කොහොම හරි ෂේප් වුනා. කොහොම නමුත් රේඩියෝවෙන් රියානගේ ලෝකෙට කතා කරන්න ගත්ත උත්සාහය හරි ගියේ නෑ. මොකද අණදෙන් කුලුණ අශ්කා විනාශ කළා. තවම ඒක හදලා නැතුව ඇති.  මේ අතරෙ කැත්‍රීනටත් ආසාවක් ඇති වෙනවා බලඇඳුම ඇඳලා පාවිච්චි කරන්න. ඉතින් පෝල් මේකට කැමති වෙන්නෙ නෑ. කැත්‍රීනා අම්මට බොරු කියලා ඇලෙක්ස්ගෙ ගෙදර ගරාජ් එකේ හංගලා තිබ්බ බලඇඳුම හොරෙන්ම ගෙදර අරන් යනවා. ඒ විතරක් නෙමෙයි ගෙදරදි ඒක ඇඳලා පාවිච්චි කරනවා. නමුත් පෝල්ගෙයි ඇලෙක්ස්ගෙයි මැදිහත් වීමෙන් කොහොම හරි මේක නවත්තනවා. රියානා රෝහළෙන් පැනලා ගියානෙ. ඉතින් පොලීසියෙන් රියානව හොයනවා ආයෙත් රෝහලට අරන් යන්න. රියානා ඉස්කෝලෙ ඉඳලා එන්නේ තනියම. මේ අතර පොලීසියෙන් එනවා රියානා ගෙනියන්න. දන්නවානේ ඉතින් රියානා ගැන. පැනලා දුවනවා...

මේ අතර රියානගේ තාත්තයි කොරියොනුයි ෂෙන්ඩරුයි පෝල්ගෙ කැමරාවත් අරන් රාජ්‍යාධිකාරීන් හමුවෙන්න මාලිගාවට යන ගමන් ඉන්නේ.  දැන්නම් මාලිගාව කිට්ටුවටම ඇවිල්ලා. නමුත් මාලිගාව ඇතුලට යන එකනම් ප්‍රශ්නයක්. මොකද කොරියොන් දැන් මායාබන්ධකයෙක් නෙමෙයිනේ. ඒ නිසා උපායක් ක්‍රියාවට නංවන්න වෙනවා. බ්‍රෝන් බෑග් එකට ගලකුත් දාගෙන මාලිගාව ලඟට යද්දි ග්‍රෙවෝන් බ්‍රෝන්ව අල්ලාගෙන අශ්කා ලඟට අරන් යනවා. මේ අතර ෂෙන්ඩර් මංකොල්ලාකාරයෙක් වගේ ඇඳගෙන ගේට්ටුව මුර කරන සෙබලුන්ට පේන්න එනවා. උන් මංකොල්ලාකාරයා අල්ලන්න පස්සෙන් පන්නද්දි කොරියොන් මාලිගාවට ඇතුල් වෙනවා අර්ලාත් එක්ක. කොරියොන් හොරෙන්ම ගිහින් රාජ්‍යාධිකාරීන්ට කැමරාවේ පටිගත වෙලා තියෙන දේ පෙන්වනවා. මේ අතර අශ්කාට කැඳවීමක් ලැබෙනවා රාජ්‍යාධිකාරීන්ගෙන්. රාජ්‍යාධිකාරීන්ට තරහා ගිහින් කියලා දැනගත්තම අශ්කා මාලිගාවෙන් පැනලා යනවා. නමුත් ග්‍රෙවෝන්ට යන්න බැරි වෙනවා.
ඉතින් මොනවා වෙයිද මේ කොටසින්? අශ්කා පැනලා ගියාට අල්ලා ගනියිද? අශ්කා මොනවා කරයිද? පෝල්ගෙ ලෝකෙ හිරවෙලා ඉන්න රියානට මොනවා වෙයිද? එයා පස්සෙන් පොලීසිය පන්නනවා. රියානා පොලීසියට අහුවෙයිද? ඉතින් මේවා ගැන හරියටම දැනගන්න නම් මේ කොටසත් අරන් බලන්නකෝ. 19 අරන් ඉක්මනින්ම එනකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා!!!

අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Magnet

No comments:

Post a Comment