Monday, August 8, 2016

මායාබන්ධන - 21

මඟ බලන් හිටිය 21 වෙනි කොටසත් අරන් ආවා. කොහොමද කලින් දීපු උපසිරැසි ටික? අවුලක් නැද්ද? අදහසකුත් දක්වලාම උපසිරැසිය අරන් ගියානම් මං තරහා වෙන්නෙ නෑ.

මං හිතනවා පහුගිය කොට අමතක නැතුව ඇති කියලා. නමුත් මං පුරුදු විදිහට කියන්නම් ටිකක් විතර අමතක කෙනෙක් ඉන්නවානම් මතක් වෙන්නත් එක්කම. පෝල් රියානත් එක්කන් රියානගේ ලෝකෙට ආවා. හැමෝම දන්නවානේ රියානා මෙච්චර දවසක් පෝල්ගෙ ලෝකෙ හිරවෙලා හිටියා කියලා. හරි. දැන් ආයෙත් පෝල් රියානව එක්කන් රියානගේ ලෝකෙට ආවා. කොරියොන් අණදෙන කුළුණ ලඟට ඇවිල්ලා රියානට ආපහු එන්න ශක්ති දොරටුව ඇරගන්න උදවු කළා. පෝල් හරිම සැහැල්ලුවෙන් මේ ගමන ආවේ. මොකද පෝල් හිතුවා මේ ගමන ගිහින් ආවම හැම ප්‍රශ්නයක්ම ඉවරයි කියලා. නමුත් ඇත්තටම ඒ අවසානය නොවෙයි. අමාරුම ප්‍රශ්න ටික පටන් ගන්නේ අදින්. ඒකට මුල පිරීමක් වශයෙන් රියානගේ ලෝකෙදිම රියානා අතුරුදන් වුනා. ඉතින් පෝල්, කොරියොන්, බ්‍රෝන් කට්ටියම රියානා හොයාගෙන කැලෑවට යනවා. රියානත් හරිම කපටියි. අශ්කාට නොදැනෙන්න මං සලකුණු තියලා තමයි යන්නේ. ඉතින් රියානා හොයාගෙන යද්දි පෝල් දකිනවා පෝල්ගෙ නංගි ක්‍රිස්ටීන් රියානට දුන්න මාලේ ගහක තියෙනවා. පෝල් දැනගන්නවා මේ පැත්තට තමයි යන්න ඇත්තේ කියලා. ඒ නිසා කට්ටියම සලකුණු තිබුණ පාර දිගේ යනවා. මේ අතර අශ්කා පෝල්වත් ගුහාව ඇතුලට දාගන්නවා. නමුත් කොරියොන් එතනට එනවා. කොහොම හරි අන්තිමේදි අශ්කායි ග්‍රෙවෝනුයි දුවනවා. දුවලා යන්නේ දොරටුව ඇරගන්න. වැඩේ හරි යනවා. පෝල් එතනට එන්න කලින් අශ්කා දොර ඇරගෙන පෝල්ගෙ ලෝකෙට යනවා. නමුත් පෝල් හිතන්නේ අශ්කා ගිහින් නැතුව ඇති කියලා. පොල් ආපහු මේ ලෝකෙට ඇවිල්ලා සැනසුම් සුසුමක් හෙලන්නේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා හිතලා. නමුත් අලුත් ප්‍රහ්න වැලක ආරම්භය කියලා පෝල් දන්නේ නෑ. අශ්කා මේ ලෝකෙට ඇවිල්ලා පෝල් කරන දේ හොරෙන් බලන් ඉඳලා පෝල් පස්සෙන්ම යනවා. පෝල්ට මේ අතරතුර කාර් එකක් හම්බ වෙනවා නගරයට යන්න. අශ්කාත් නිකන් ඉන්නේ නෑ. බලඇඳුම නිසා කාර් එකක් නවත්තාගෙන නගරය පැත්තට යනවා. පෝල් එතනින් කෝච්චිය අල්ලන් ගෙදර යන්න යනවා. අශ්කා හාලි ඩේවිඩ්සන් එකක් පැහැර ගන්නවා. රෑ වුනාම ඉන්න තැනක් හොයා ගත්තා. වයසක අන්කල් කෙනෙක් බය කරලා එයාගෙ තැන කමයි අල්ලා ගත්තේ. කොහොම නමුත් අශ්කා මේ ලෝකෙට පැනලා විදුලි භාණ්ඩ අලෙවිසැලකටත් අලාභ හානි සිදු කරනවා. පෝල් මේක පත්තරෙන් දකිනවා. පෝල් හිතනවා අශ්කා ඇවිල්ලා කියලා. ඉතින් පෝල් මොනවා කරයිද? අශ්කා හොයන්න යයිද? එහෙමත් නැත්තන් අශ්කා පෝල්ව හොයාගෙන එයිද? හරියටම දැනගන්න මේ කොටසත් අරන් බලන්නම වෙනවා. එහෙනම් ඊලඟ කොටසින් හමු වෙනකන් ජය වේවා!!! පුලුවන ඉක්මනින් අනෙක් කොටසත් අරන් එන්නම්.


සිංහල උපසිරැසිය මෙතනින් බාගන්න


අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Magnet

No comments:

Post a Comment