Thursday, April 21, 2016

Spellbinder


මායා බන්ධන [Spell Binder] කියන්නේ අපි පොඩි කාලේ ඉඳන් බොහෝම ආසාවෙන් රස විඳපු කතා මාලාවක්. 1985-1990 වගේ අවුරුදුවල ඉපදුන අයටනම් මේක අමතක වෙන්නම විදිහක් නෑ. මොකද අපි මොන වැඩේ තිබුණත් මායාබන්ධන බලන්න වෙලාවට එනවා.

මායාබන්ධන [Ppellbinder] කතාමාලාව සකස් වුනේ 1995 වසරෙදි. මේක මුලින්ම ලංකාවේ විකාශය වුනේ දැනට අවුරුදු 15 කට විතර කලින් මං හිතන්නේ. අද දක්වාම විටින් විට මේ කතා මාලාව විකාශය වෙනවා. ඒත් ඒකට තියෙන ඉල්ලුම නම් අඩු වෙලා නෑ. ගොඩක් කාලෙකට කලින් ආව නාට්‍ය මාලාවක් නිසා වෙන්න ඇති අද වෙනකන් මේකට හරියට උපසිරැසියක් සකස් වෙලා නෑ. ඉංග්‍රීසි භාෂාවෙන්වත් උපසිරැසියක් සකස්වෙලා නෑ මං හිතන්නේ. ඉතින් මේ අඩුව පුරවන්න මට පුලුවන් විදිහට දායක වෙන්න හිතුවා. හාහාපුරා කියලා මං උපසිරැසි කලාවට අතගැහුවා මායාබන්ධන කතාමාලාවත් එක්ක.

හැමෝම දන්නවනෙ ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය උපසිරැසි ලබාදෙන වෙබ් අඩවිය මොකක්ද කියලා. ඒක තමයි බයිස්කෝප් අඩවිය. මේ කතාමාලාවට උපසිරැසි සම්පූර්ණයෙන්ම හදලා ඉවරවුන ගමන්ම මේක බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ පලකරන්න සූදානමකුත් තියෙනවා. ඊට කලිං මගේම කියලා බ්ලොග් එකක් හදලා ඒකට දාන්න තීරණය කළා. මේක බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් මඩුලට කියලා මං වෙන්කරගෙන දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් වෙනවා. නමුත් මට ඒ වැඩේ ඉවරයක් කරගන්න බැරිවුනා. ඉතින් අනාගතයේ මායාබන්ධන උපසිරැසි බයිස්කෝප් අඩවියෙත් තියෙයි.

ඉතින් මේ මගේ පළවෙනි උපසිරැසි කියලා මං කලින් කීවනේ. ගොඩාක් අඩුපාඩු සහ වැරදි ඇති. මොකද අසාලිවීමක් තමයි කරන්නේ. ඒ නිසා කියන දේවල් හරියටම සිංහලට පරිවර්තනය වෙනවද කියලානම් කියන්න අමාරුයි. නමුත් ඔබේ රසවින්දනයට කිසිම බාධාවක් වෙයි කියලා මං හිතන්නේ නෑ.

වැරදි අඩුපාඩු තියෙනවනම් ඒක කියලා කොමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලීමක් කරමින් සබ්වලින් හමුවන තුරු සමුගන්නවා.

ස්තූතියි
24/06/2016