Thursday, August 18, 2016

මායාබන්ධන - 26

ඉතින් කොහොමද යාළුවනේ. මායාබන්ධන කතා මාලාවේ අවසන් කොටසටත් ලඟා වුනා. 26 කොටස තමයි අද අරන් ආවේ. ඒ කියන්නේ අවසන් කොටස. අවසන් කොටස කොහොම අවසන් වෙයිද කියලා දැනගන්න කලින් පහුගිය කොටස සුපුරුදු පරිදි ටිකක් මතක් කරගමු.

මතකයිනෙ පහුගිය කොටසේ අශ්කා පෝල්ගෙ කමරේට ඇවිල්ලා තර්ජනය කරලා ගියා. ඉතින් පෝල් තර්ජනවලට බය වෙලා සද්ද නැතුව ඉඳියිද? පෝල් කියන්නේ එවට බය වෙන චරිතයක් නෙමෙයි නේද? මං හිතන්නේ පෝල් මොකක් හරි ගේමක් දෙයි. පෝල්ගෙ තාත්තා නම් රෑ එලි වෙනකන් බලඇඳුම හදලා ඉවර කරලා. උදේම පෝල්ට නැගිට්ටවන්නේ බලඇඳුම හදලා ඉවර වුන එක සමරන්න. පෝල්ගෙ තාත්තායි ඇනයි දෙන්නා බලඇඳුමත් තියාගෙන ෆොටෝ එකක් ගන්නවා. ඒ වගේම පෝල් බලඇඳුම ගැන තාත්තාගෙන විස්තර ටිකකුත් අහලා දැනගන්නවා. ඒ වගේම බලඇඳුමේ ඉගිලුම් පාලන ඒකකය මාරු කරලා පිච්චුන එක සවි කරනවා. හොඳ එක කුණු බක්කියට දානවා. මේ සැමරීමට කෑම හදන්න භාර ගන්නේ පෝල්ගෙ නංගි ක්‍රිස්ටීන්. පෝලුත් එක්ක එකතු වෙලා කෑම හදලා මේසෙට ඇරියට පස්සේ පෝල් බඩයන බෙහෙතක් ඇනාගෙ පිඟානට දානවා. මේක කන ඇනා අවුට් හවුස් එක හොයනවා. පෝල්ට හරිම සතුටුයි.  පෝල් ෆොටෝ එකත් අරන් ගිහින් ඇලෙක්ස්ටයි කැත්‍රීනටයි පෙන්නනවා. එයා රියානා පැහැරගෙන ගිහින් නිසා රියානව හොයාගන්න උදවු ඉල්ලනවා. කට්ටියට අද ඉස්කෝලෙ විභාගයක්. නමුත් පෝල්ට උදවු කරන්න යනවා. පෝල්ගෙ ගෙදර ගිහින් තාත්තාගේ කාමරේ අවුස්සලා බලන්නේ අශ්කා ඉන්න තැන ගැන තොරතුරක්. නමුත් හමුවන්නේ ඇගේ ජංගම දුරකථන අංකය විතරයි. ඇලෙක්ගේ මොළයට පින් සිද්ධ වෙන්න අශ්කා ඉන්න තැන ලිපිනය හොයාගන්නවා. කට්ටිය ලිපිනය හොයාගෙන යද්දි අශ්කා ගෙදර ඉන්නේ. ඉතින් රියානා ඉන්නවද නැද්ද කියලා තොරතුරක් ගන්න ක්‍රමයක් කල්පනා කරද්දි තමයි මතක් වෙන්නේ අශ්කා කියවන්න දන්නෙ නෑ කියලා. ඒ නිසා ඇලෙක්ස්ව ඇතුලට යවනවා ගෑස් සමාගමක නිළධාරියෙක් විදිහට. ඇලෙක්සුත් කොහොම හරි ඇතුලට ගිහිල්ලා ජනේලයකුත් ඇරලා එනවා. අශ්කාට පෝල්ගෙ තාත්තාගෙන් දුරකථන ඇමතුමක් එන්නේ බලඇඳුම පරීක්ෂා කරන්න විද්‍යාගාරෙදි හමුවෙන්න කියලා. ඉතින් අශ්කා පුලුවන් ඉක්මනින් විද්‍යාගාරයට යන්න පිටත් වෙනවා. මේ අවසරයෙන් පෝල්, ඇලෙක්ස්, කැත්‍රීනා ගේ ඇතුලට පනිනයි හදන්නේ. නමුත් පෝල් කියනවා ඇලෙක්ස්ටයි කැත්‍රීනටයි එලියේ ඉන්න කියලා. එයා ඇතුලට යන්නම් කියලා. මේ ටික බලන් ඉන්නවා අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක්. එයා ඉක්මනින්ම පොලීසියට කතා කරලා මේ ගැන කියනවා. පොල්ට රියානව බේරා ගන්න තව වෙලා ඕනි නිසා පෝල් රේඩියෝවෙන් කතා කරලා කියනවා පොලීසියේ අය වෙන දිහාවකට යවන්න කියලා. ඉතින් ඇලෙක්සුයි කැත්‍රීනයි නැතිවෙච්ච බල්ලෙක් හොයනවා වගේ බොරුවට රඟපානවා. පොලීසියේ අය මේ දෙන්නව ඉස්කෝලෙන් බස්සන්න අරගෙන යනවා. පෝලුයි රියානයි දෙන්නා ටැක්සියක් අරන් තාත්තා හම්බෙන්න යනවා. ඉගිලුම් පාලන ඒකකය පිච්චුන එකට මාරු කරපු නිසා ඇඳුම ඉගිලෙන්නේ නෑ. අශ්කා රත්වෙලා. ඉතින් පෝල්ගෙ තාත්තා හිතනවා පෝල් ඒක ගන්න ඇති කියලා. මේ ගැන කල්පනා කරද්දි පෝල් එතනට එනවා. ඒත් එක්කම ටැක්සි මාමත් එනවා සල්ලි ඉල්ලාගන්න. පෝල් කාර්යාලයට යවන්නේ ඉගිලුම් පාලන ඒකකය ගැන අහගන්න. මේ අතර පෝල් වීඩියෝ පටය තාත්තාට පෙන්නන්න කටයුතු කරනවා. පෝල්ගෙ තාත්තා මේක දකිනවා. පෝල් විමේ ගැන විස්තර කරද්දිම අශ්කා එතනට එනවා. ඒ විතරක් නෙමෙයි අශ්කා රියානගෙ නම කියනවා රියානා දැක්ක ගමන්ම. පස්සේ වැඩේ වරදින බව දැනගෙන අශ්කා කට්ටිට පස්සෙන් පන්නනවා. පෝලුයි රෙනෝල්ඩ්ස් මහත්තයයි රියානයි දුවගෙන ගිහින් හැංගුනත් අශ්කා බලඇඳුම පාවිච්චි කරලා දොර කඩනවා. පෝලුයි රියානයි වතුර ගැහුවත් පෝල්ගෙ තාත්තා ඇඳුම හදලා තියෙන්නේ ජලයට ඔරොත්තු දෙන විදිහට. ඒ නිසා හානියක් වෙන්නෙ නෑ. ඉතින් අශ්කා මේ අයට මොනවා කරයිද? හරියට දැනගන්න නම් මේ අරන් ආව අවසන් කොටස බලන්න වෙනවා.

ඉතින් මායාබන්ධන පළමු කතා මාලාව අදින් ඉවර වෙනවා. මෙච්චර දවසක් උපසිරැසි අරන් මගෙත් එක්ක හිටිය මායාබන්ධන රසික රසිකාවියන්ට බොහොම ස්තූතිවන්ත වෙනවා. ඉතින් වැරදි අඩුපාඩු බොහොම සිද්ධ වෙන්න ඇති. ඒ සියලුම දේට සමාව භජනය කරන අතර මේ සමුගැනීම නොවෙයි. මායාබන්ධන මකර රජදහන හෙවත් මායාබන්ධන දෙවන කතා මාලාවටත් උපසිරැසි අරන් ඉක්මනින්ම හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මායාබන්ධන රසික රසිකාවියන් බලාපොරොත්තු බිඳගන්න එපා. මකර රජදහන දැන් සූදානම් වෙමින් පවතිනවා. හැකි ඉක්මනින් ඔබට ලබා දෙන්නම්. එහෙනම් මකර රජදහනින් හමුවන තුරු ජය වේවා!!!

අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Magnet

මායාබන්ධන - 25

ඔන්න 25 කොටසත් අරන් ඉක්මනින්ම ආවා. මඟ බලන් හිටියා නේද? දැන් හරිම හදිස්සියි ඊලඟට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා දැනගන්න. ඒ නිසා ඔන්න ඉක්මනින්ම අරන් ආවා.

සුපුරුදු පරිදි පහුගිය කොටස ගැන ටිකක් කියන්නම්. මොකද ආයේ මතක් කරගන්නත් ඕනිනේ මේ කෙටස බලන්න. රියානා පෝල්ව හොයාගෙන මේ ලෝකෙට ආවා කියලා මතකයි නේද? පෝල් එක්ක එකතු වෙලා අශ්කව හොයාගන්න තමයි දැන් රියානගේ උත්සාහය. දැන් පෝල්ගෙ යාලුවෝ දෙන්නත් පෝල් එක්ක එච්චරම හිත හොඳ නෑ වගේ. දෙන්නම පෝල්ව මඟහරිනවා මොකක් හරි බොරුවක් කියලා. ඉතින් පෝල් මේ වෙනස දැනගත්තත් කැත්‍රීනාගෙනුයි ඇලෙක්ස්ගෙනුයි උදවු ඉල්ලනවා. නමුත් මේ දෙන්නම පෝල්ව ප්‍රතික්ෂේප කරනවා. කැත්‍රීනා කියනවා පෝල් ආයේ බොරුවක් ගොතනවලු එයයි ඇලෙක්සුයි එකට ඉන්න එකට ඉරිසියාවේ. මේක ඇත්ත නම් සාක්ෂියක් ගේන්න කියනවා ඔප්පු කරන්න. පෝල් හොය හොයා හිටිය කෙනා තමන්ගෙ ගේ ඇතුලෙම ඉන්නවා දැක්කම පෝල්ට ගොඩක් තරහා යනවා. තාත්තා පෝල් කියන කිසිම දෙයක් අහන්නේ නෑ. තාත්තා හිතන්නේ පෝල්ට මොළේ අවුලක් කියලා. පෝල් අශ්කට බැනලා ගෙදරින් එලවාගන්න හදනවා. නමුත් තාත්තා ඊට ඉඩ දෙන්නේ නෑ. තාත්තා හිතන්නේ මේ අලුත් ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන විතරයි. බැරිම තැන රෙනෝල්ඩ්ස් වැඩේ ඉතිරි ටික කරන්න ආපහු විද්‍යාගාරයට යනවා හාලිත් එක්ක. පෝල් ආපහු ඉස්කෝලෙ ලඟට යනවා රියානව මුනගැහෙන්න. රියානා ආපහු එද්දි පෝල්ගෙ වීඩියෝ කැමරාව අරන් ඇවිල්ලා. ඒක පෝල්ගෙ කාමරේ කබඩ් එකේ තියෙනවා කියලා රියානා කියනවා. පෝල් රියානත් එක්ක ගෙදර යද්දි ක්‍රිස්ටීන් දොරවල් වහගෙන. පෝල්ට සිද්ධ වෙනව ජනේලයෙන් පැනලා කාමරෙට යන්න ක්‍රිස්ටීන්ගෙන් ගුටිත් කාගෙනම. කොහොම හරි ක්‍රිස්ටීන් ගෙදර තියලා පෝල් රියානත් එක්ක තාත්තා වැඩ කරන තැනට යනවා තාත්තාට වීඩියෝ එක පෙන්වන්න. බොහෝම අමාරුවෙන් කාර් එකකට හොරෙන් දාගෙන තමයි රියානව ඇතුලට අරන් යන්නේ. මොකද තාත්තා වැඩ කරන්නේ විද්‍යාගාරයක නිසා. පිට අයට ඇතුල්වීම තහනම්. කොහොම හරි රියානව ඇතුලට පන්න ගත්ත පෝල් ට්‍රොලියක තියාගෙන පෙට්ටියක් ඇතුලට දාගෙන රියානව විද්‍යාගාරය ලඟට එක්කන් යනවා. අශ්කාගේ ඇඳුමේ පර්යේෂන ටිකත් බලාගෙන ඉඳලා රියානව උඩ හංගලා පෝල් යනවා තාත්තව එක්කන් එන්න. පෝල් ගෑණු ළමයෙක්ගෙ ප්‍රශ්නයක් තාත්තත් එක්ක කතා කරන්න ඕනි කියලා තාත්තව උඩට එක්කන් එනවා. නමුත් අශ්කට පෝල් කරන්න යන දේ ගැන ඉඟියක් දැනෙනවා. අශ්කත් පස්සෙන් ගිහින් බලඇඳුම කියාත්මක කරනවා. ඒ නිසා රූපවාහිනිය හරියට වැඩ කරන්නේ නැතුව යනවා. අශ්කා රියානවත් අල්ලගෙන අශ්කා නැවතිලා ඉන්න තැනට අරන් ගිහින් බැඳලා තියනවා. පෝල්ට හොඳටම පිස්සු කියලයි තාත්තා හිතන්නේ. පෝල්ව ගෙදරට එක්කන් ගිහින් දොස්තර කෙනෙක්ට කතාකරනවා කියලා පෝල්ගෙ තාත්තා කියලා පෝල්වත් අඩගහගෙන ගෙදර යනවා. ඇනාටත් පණිවිඩයක් දෙනවා ඉගිලුම් පාලන ඒකකය සවි කරන්න ඇඳුමත් අරන් ගෙදරට එන්න කියලා. ඇනා එන්නේ රෑ කෑමත් අරගෙන. පෝල්ගෙ මේ පිස්සුව ගැන අහන්න රෙනෝල්ඩ්ස් දොස්තර කෙනෙක්ට කතා කරනවා. මේ අතර පෝල් ගෙදරින් පැනලා යනවා. ගිහින් තමයි යාලුවන්ගෙන් උදවු ඉල්ලන්නේ. පෝල් නැවත ගෙදර එන්නේ රෑ වෙලා. අශ්කා පෝල්ගෙ ගෙදරට ඇවිල්ලා. අන්තිමේදි අශ්කා පෝල්ගෙ කාමරේට ඇවිල්ලා පෝල්ට තර්ජනය කරනවා මේකට මැදිහත් වුනොත් තාත්තටයි නංගිටයි වන්දි ගෙවන්න වෙයි කියලා. ඒ නිසා පෝල් ටිකක් සන්සුන් වෙලා ඉන්නවා. නමුත් පෝල් ගේම අතෑරලා නම් නෑ. ඉත්න් බලන්න පෝල් අශ්කාගේ තර්ජන වලට බය වෙයිද කියලා. පෝල් මොනවා කරයිද? හරියටම දැනගන්න අවසාන කොටසත් බලන්නම වෙනවා. එහෙනම් අවසන් කොටස අරන් ඉක්මනින්ම එන්නම්. එතකන් සියලුම මායාබන්ධන රසික රසිකාවිය්ට ජය වේවා!!! කියලා ප්‍රාර්ථනා කරනවා.

අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Magnet

මායාබන්ධන - 24

ඔන්න පොරොන්දු වූ පරිදිම 24 කොටසත් අරන් ආවා.

දැන් බලමු පසුගිය කොටසේ මොකද වුනේ කියලා. භූගත මායාබන්ධකයන්ගේ පරණ මාලිගාවේ රියානව හිර කරලා අශ්කයි ග්‍රෙවෝනුයි යනවා. නමුත් රියානා කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. මායාබන්ධන රසිකයන්ගේ ප්‍රියතම චරිතය තමයි රියානා නේද? ඉතින් මේ දඟකාර හැඩකාර කෙල්ල මේ උගුලෙනුත් බේරිලා පැනලා යනවා. නැවතත් මායාබන්ධකයන්ගේ මාලිගාව ලඟට යන රියානා අශ්වයෙකුත් අරගෙන ගමට යනවා. රියානටත් ඒනි අශ්කා ආපහු යනඑක නවත්තන්න. කොහොම හරි අශ්කා රියානට කලින් ක්ලේහිල්වල අණදෙන කුළුණ ලඟට ගිහින්. රියානා අර්ලාට පණිවිඩයකුත් කියාගෙනම අශ්වයා පිටේම අණදෙන කුළුණ ලඟට යනවා. යද්දි අශ්කා ශක්ති දොරටුව ඇරලා. දැන් කරන්න තියෙන්නේ පෝල්ගෙ ලෝකෙට ගිහින් පෝල්ව හමුවෙලා අශ්කා ආ බව කියන්න. රියානත් ග්‍රෙවෝන් නෙත් ගල ගන්න කලින් පෝල්ගෙ ලෝකෙට පනිනවා. බොහොම අමාරුවෙන් රියානා කෝච්චියේ ඇවිල්ලා පෝල්ගේ ගෙදරට එනවා. නමුත් රියානා එද්දිම පෝල්ලා පිටත් වෙනවා රෑ කෑමට. අශ්කාගේ හාලි නවතිනව ඉන්ධන නැතුව. ඉතින් අශ්කා ලඟ සල්ලි තියෙනවා කියලා දැනගත්ත වාහන විකුණන්නෙක් අශ්කාට කාර් එකක් විකුණනවා. පදවන්නත් කියලා දෙනවා. අශ්කත් ඉක්මනින්ම ඉගෙන ගන්නවා. කාර් එකත් අරන් අශ්කා ලස්සන ඇඳුම් ටිකකුත් ගන්න යනවා. මොකද දැන් අශ්කා යන්නේ පෝල්ගේ තාත්තව හමුවෙන්න. පෝල්ගෙ තාත්ට භාර දෙන්න ලොකු ව්‍යාපෘතියක් තියෙනවා අශ්කා ලඟ. ඒ නවීන තාක්ෂණය යොදාගෙන බල ඇඳුමක් නිෂ්පාදනය කරන්න. ඉතින් අශ්කා ලස්සනට සැරසිලා පෝල්ගෙ තාත්තා වැඩ කරන තැනට යනවා එයාව හම්බ වෙන්න. කැනීම් කරද්දි මාලිගාවක තිබිලා හමුවුන පොතක් බව කියලා අර පොත පෝල්ගෙ තාත්තාට දෙන්නේ බල ඇඳුම නිර්මාණය කරවාගන්නා අධිෂ්ඨානයෙන්. පෝල්ගෙ තාත්තා මේ ව්‍යාපෘතිය ගැන බොහෝම සතුටින් ඉන්නේ. ඉතින් ඒ සතුටටත් එක්ක කට්ටියම රෑ කෑමට එලියට යන්න පිටත් වෙනවා. කෑමෙන් පස්සේ පෝල්ගෙ තාත්තා නැවත පරීක්‍ෂනාගාරයට යන්නේ මිසිස් හාලි දුන්න ව්‍යාපෘතිය කරන්න. පරිපත ස්ථානගත කරන්න පුලුවන් විදිහට ඇඳුම නිර්මාණය කරලා තියෙනවා.  රියානා හොරෙන්ම පෝල්ගෙ කාමරේට පැනලා කබඩ් එකේ නිදාගෙන ඉන්නවා. පෝල් එද්දි රියානව දැකලා පුදුම වෙනවා. පෝල් අශ්කා කරන්න යන දේ ගැන රියානාගෙන් අහලා දැනගන්නවා. පහුවදා උදේම ඉස්කෝලෙ යන්න නැගිට්ටවද්දි ක්‍රිස්ටීන්ට ලෙඩ. නමුත් ලෙඩ පිටින්ම පෝල් ක්‍රිස්ටීන්ව ඉස්කෝලෙ යවන්නේ අශ්කව සෙවීමේ භාරදූර කටයුත්ත කරන්න තියෙන නිසා. කොහොම හරි පෝල්ගෙ තාත්තා වැඩ කොටසින් ගොඩක් කරලා ඉවරයි. හාලි මේක දැකලා ගොඩක් සතුටු වෙනවා. ඇඳුමේ ඉතිරි ටිකත් ඉවර කරගන්නකන් හාලිට කිසිම සැනසීමක් නෑ. ඩොක්ටර් රෙනෝල්ඩ්ස්ට හදිසියේම ගෙදර යන්න වෙන්නේ ක්‍රිස්ටීන් ලෙඩ වෙලා කියලා මැසේජ් එකක් ආව නිසා. ඉතින් ඇඳුමේ ඉතිරි වැඩ ටික ගෙදරදි කරමු කියලා හාලිටත් ගෙදරට එන්න කියනවා. කොහොම නමුත් මේ ඇඳුම නිර්මාණය කරගෙන යද්දි මේ ඇඳුම ඇඳගෙන පියාඹන්න පුලුවන් විදිහට නිර්මාණය කරන්න පුලුවන් බව රෙනෝල්ඩ්ස්ට තේරෙනවා. රෙනොල්ඩ්ස් ක්‍රිස්ටීන්ව ගෙදර එක්කන් ඇවිත් ඉතුරු වැඩ ටික ගෙදරදී කරන්න හිතාගෙන හාලිටත් ගෙදරට එන්න කියනවා. මේ අතර පෝල් ආපහු ගෙදර එනවා අශ්කා මේ ලෝකෙට ආව එක ගැන තාත්තාට කියන්න හිතාගෙන. පෝල් එද්දි මිසිස් හාලි ගෙදර. පෝල්ගේ තාත්තා පෝල්ව එක්කන් යනවා මිසිස් හාලි හඳුන්වලා දෙන්න. ඉතින් පෝල් ගිහින් බලද්දි මේ ඉන්නේ අශ්කා. පෝල් මොනවා කරයිද? අශ්කා ගැන තාත්තට කියයිද? සද්ද නැතුව පොලීසියට ගිහින් කියයිද? එහෙමත් නැත්තන් යාලුවො කට්ටියත් සෙට් කරගෙන මොකකු හරි ගේමක් දෙයිද? හරියටම දැනගන්න මේ කොටස බලන්න සිද්ධ වෙනවා. එහෙනම් 25 කොටස අරන් ඉක්මනින්ම එන්නම්. ජය වේවා!!!

අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Magnet

මායාබන්ධන - 23

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න පොරොන්දු වුන විදිහටම 23 කොටසත් අරන් ආවා. සුපුරුදු පරිදිම පහුගිය කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම් අමතක අයටත් මතක් වෙන්නත් එක්කම.

සිකුරුටි වැන් එක කොල්ලා කාලා ඒ සල්ලිත් අරන් හෝටලේ කාමරේ ඉන්නකොට වේටර්වරියක් එනවා අශ්කාගේ කාමරේට. අශ්කා බලඇඳුම ක්‍රියාත්මක කරනවා. එතකොට පෝල් සහ ඇලෙක්ස් මැග්නටෝමීටරයත් අරන් ඉන්නේ ඒ කිට්ටුවමයි. ඉතින් බලඇඳුමෙන් නිකුත්වන විද්‍යුත් චුම්භක ධාරාවල මාර්ගයෙන් පෝල් දැනගන්නවා අශ්කා ඉන්නේ මේ හෝටලේ උඩම තට්ටුවේ කියලා. ඉතින් උඩම තට්ටුවේ වුනාට කාමර කීයක් නම් තියෙනවද? පෝල් පොඩි ක්‍රමයක් කල්පනා කරනවා අශ්කාගේ කාමරේ හොයාගන්න. ඒකට ඇලෙක්ස් තමයි අන්දලා ගන්නේ. කොහොම හරි පෝල් අශ්කා ඉන්න කාමරේ හොයාගෙන යතුරත් මාරු කරගන්නවා. පස්සේ පෝල් පහළට ඇවිල් අශ්කාට කෝල් එකක් දෙනවා පහළට ඇවිල්ලා එයාව හම්බ වෙන්න කියලා. මේ අතර පෝල් ඇලෙක්ස් එක්ක කාමරේට පැනලා පරීක්ෂා කරලා බලනවා. බල ඇඳුම වගේම අශ්කා හොරකම් කරපු සල්ලිත් කාමරේ තිබිලා හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් දෙයක්. රියානත් පොත් මිටියකුත් අරගෙන අශ්කාගේ කාමරේට එන්නේ මර්නා... කියලා කතා කරගෙන. අශ්කාගේ කාමරේ පෝලුයි ඇලෙක්සුයි ඉන්නවා දකින කැත්‍රීනාට වෙච්ච දේ හිතාගන්න බැරි වෙනවා. කොහොම හරි අශ්කා නැවත කාමරේට එද්දි පෝලුයි ඇලෙක්සුයි නාන කාමරේ හැංගෙනවා. අශ්කාගේ ඔලුවට රෙද්දක් දාලා බලඇඳුමත් අරගෙන කට්ටියම පැනලා දුවනවා. අශ්කා නිකන් ඉන්නේ නෑ. පෝල් පස්සෙන් පන්නනවා. කොහොම හරි අශ්කාට බල ඇඳුම නොදී කුණු ලොරියට දාලා විනාශ කරන්න පෝල්ට පුලුවන් වෙනවා. අශ්කා ආපහු ඇවිල්ලා සල්ලිත් අරන් ගිහින් හැංගිලා බලන් ඉන්නේ පෝල් එලියට එනකන්. පෝල් පස්සෙන් ගිහින් පෝල්ගේ ගෙදර තියෙන තැන හොයාගන්නවා. ඒ වගේම පෝල්ගෙ තාත්තා වැඩ කරන තැනත් බලාගන්නවා. නැවතත් මායාබන්ධකයන්ගේ ලෝකයට යන ඇය බලගල් සහ බලඇඳුම් නිර්මාණය ගැන තියෙන පරිපථ සටහනක් ඇතුලත් පොතක් අරන් එනවා. ඇනා හාලි නමින් පෙනී ඉඳිමින් පෝල්ගෙ තාත්තාගේ හිත දිනාගන්න අශ්කා සමත් වෙනවා. රියානා අශ්කයි ග්‍රෙවෝනුයි දෙන්නා කරන දේවල් ගැන පරීක්ෂාවෙන් ඉන්නේ. නටබුන් අතර තියෙන පරණ මාලිගාවේදි අශ්කයි ග්‍රෙවෝනුයි කරන කතාබහක් පෝල්ගේ වීඩියෝ කැමරාවෙන් පටිගත කරගන්න රියානා සමත් වෙනවා. මේ පටිගත කිරීම ගොඩාක් වැදගත් සාක්ෂියක් බවට පත්වෙනවා අනාගතේදි. ඉතින් වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. මං හිතනවා මේක බැලුවානම් බලපු කෙනෙක්ට අමතක වෙන්නෙ නෑ මේ කොටසේ මොකද වුනේ කියලා. අශ්කා බලගල් ගේන්න ග්‍රෙවෝන්ගෙ උදවු ගත්ත හැටි, ග්‍රෙවෝන් බොරුවක් කියාගෙන මාලිගාවට ගිය හැටි, අශ්කායි ග්‍රෙවෝනුයි රියානාව මාලිගාව ඇතුලේ දාලා පිටවෙනන බැරි වෙන්න ගලක් හිර කරලා ආව හැටි. ඉතින් ඊලඟ කොටසත් අරන් එනකන් මායාබන්ධන රසික රසිකාවිය් පුල පුලා බලා සිටිනවා කියලා මං දන්නවා. එහෙනම් හැකි ඉක්මනින් ඊලඟ කොටසින් හමුවෙන තුරු ජය වේවා!!!

අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Magnet

Thursday, August 11, 2016

මායාබන්ධන - 22

ඉතින් කොහොමද මායාබන්ධන රසික රසිකාවියනේ. ඔන්න 22 කොටසත් අරන් ආවා. පහුගිය කොටස් රසවිඳින්න ඇති කියලා හිතනවා. ඒවාගේ වැරදි අඩුපාඩු තිබුණා නම් සමාවෙන්න ඕනි. මොකද ආයෙත් මං කියන්නේ ඒක අසා ලිවීමක් කියලා. ඒ නිසා අඩුපාඩු නම් අනිවා ගොඩක් ඇති.

ඉතින් සුපුරුදු විදිහට පහුගිය කොටස ගැන කෙටි විස්තරයක් කරන්නම්. පත්තරේ මුල පිටුවේ තිබුණ පිටසක්වල කාන්තාව ගැන නිවුස් එක දැක්ක පෝල්ට පොඩි සැකයක් ඇති වෙනවා. මොකද පෝල් දැනගෙන හිටියා අශ්කා තමන්ගෙ ලෝකෙට එන්න උත්සාහ කරනවා කියලා. ඉතින් පෝල්ට සැකයක් ඇතිවුන නිසා පෝල් පත්තරය අරන් ගිහින් විස්තරය ඇලෙක්ස්ට පෙන්නනවා. කැත්‍රීනත් ඉන්නේ එච්චර හිතේ සතුටින් නෙමෙයි. මොකද පෝල්ට බැරිවුනා ඇලෙක්සුයි කැත්‍රීනයි රියානගෙ ලෝකෙ පෙන්නන්න එක්කන් යන්න බැරිවුන නිසා. ඉතින් පෝල්ගෙ අද දවසේ පාටම විද්‍යුත් චුම්භක ගැන. පොල්ට අදහසක් එනවා විද්‍යුත් චුම්භක තරංග හොයාගන්න ක්‍රමයක් ගැන දැනගන්න. මොකද අශ්කාගේ බලඇඳුමෙන් නිකුත් කරන්නෙත් විද්‍යුත් චුම්භක බලය නිසා. පෝල් ඇලෙක්ස් එකතු වෙලා ගුරුතුමියගේ උදවුවෙන් විද්‍යුත් චුම්භක බලය මනින උපකරණය හදනවා. මැග්නටෝමීටර් එකක්. ඒක මාර්ගයෙන් අශ්කව හොයාගන්න එක තමයි දැන් පෝල්ගෙ අරමුණ. කොහොම හරි නයිදන්ට දුන්න රේඩියෝ උපකරණ ආයෙත් ගන්න වෙනවා. මොකද මැග්නටෝමීටරය අරගෙන බෙදිලා යද්දි එකිනෙකා අතර සම්බන්ධයක් තියාගන්න ඕනි වෙන නිසා. ඉතින් නයිදන්ට පොඩි උගුලක් විදිහට කැත්‍රීනා ඇලෙක්ස්ව සිපගන්නවා. එතකොටම ඇත්‍රීනගෙ අම්මා එතත. සුපුරුදු පරිදි කැත්‍රීනගෙ අම්මා ඊට පස්සෙ දෙන්නේ සුපුරුදු වචන ටික Get in the car. කැත්‍රීනව පුස්තකාලෙ නඟින් බස්සන් අම්මා යන්නේ සැලෝන් එකට. කැත්‍රීනත් නිකන් ඉන්නේ නෑ. කැත්‍රීනත් හොරෙන්ම යනවා අශ්කව හොයාගන්න. කොහොම නමුත් පෝල්ලට කලින් අශ්කව හොයාගන්න කැත්‍රීනට පුලුවන් වෙනවා. ඒ වගේම අශ්කා කැත්‍රීනව රවට්ටලා ඉන්න තැනක් සොයාගන්නවා. අශ්කා පොරොන්දු වෙනවා කැත්‍රීනට එයාගෙ ලෝකෙ පෙන්වනවා කියලා. ඉතින් කැත්‍රිනත් හරිම ආසාවෙන්නෙ හිටියේ රියානගේ ලෝකෙ දකින්න. මේ නිසා අශ්කා ගැන පෝල්ටවත් නොකියා ඉන්න තරම් රියානා අකාරුණික වෙනවා. පෝල් ඇලෙක්ස් දෙන්නට හොරෙන් රියානා අශ්කට විවිධ දේවල් ගෙනල්ලා පෙන්වනවා. ආයුධ ගැන වගේම අලුත් අලුත් තාක්ෂණය ගැන වීඩියෝපට ගෙනල්ලා හැම හොඳ නරක දෙයක්ම උගන්වනවා. අශ්කා කැත්‍රීනව රවට්ටගෙන ඉන්නවා කියලා කැත්‍රීනා දන්නේ නෑ. අශ්කා කැත්‍රීනට කියන්නේ එයා මර්නා කියලා. මර්නා කියන්නේ මායාබන්ධකයන්ගේ රාජ්‍යාධිකාරීවරිය. කොහොම හරි පොල්ලාට අශ්කව මඟහැරෙනවා. අශ්කා නවාතැන් ගෙන ඉන්නේ හෝටලේක. ඉතින් අශ්කට මේ දේවල්වලට සල්ලි ඕනි වෙනවා. අශ්කා ආරක්ෂක වෑන් එකක් කොල්ලා කනවා. සල්ලිත් අරන් හෝටලේට ගිහින් කාමරේ ඉන්නකොට වේටර් කෙනෙක් එනවා. හදිසයේම අශ්කා බලඇඳුම ක්‍රියාත්මක කරද්දි පෝල්ගේ මැග්නටෝමීටර් එකට මේක චෙක් වෙනවා. පෝල් දැනගන්නවා අශ්කා ඉන්නේ මේ හෝටලේ කියලා. ඉතින් අශ්කට මොනවා වෙයිද? පෝල් පොලීසියට කියයිද අශ්කා ගැන? එහෙමත් නැත්තන් පෝල් අශ්කව අල්ලලා පොලීසියට භාර දෙයිද? එහෙමත් නැත්තන් අශ්කා එයාගෙ ලෝකෙට යවයිද? හරියටම දැනගන්න මේ කොටස බලන්නම වෙනවා. එහෙනම් 23 කොටස හැකි ඉක්මනින් අරන් එනකන් ජය වේවා!!!

අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Magnet

Monday, August 8, 2016

මායාබන්ධන - 21

මඟ බලන් හිටිය 21 වෙනි කොටසත් අරන් ආවා. කොහොමද කලින් දීපු උපසිරැසි ටික? අවුලක් නැද්ද? අදහසකුත් දක්වලාම උපසිරැසිය අරන් ගියානම් මං තරහා වෙන්නෙ නෑ.

මං හිතනවා පහුගිය කොට අමතක නැතුව ඇති කියලා. නමුත් මං පුරුදු විදිහට කියන්නම් ටිකක් විතර අමතක කෙනෙක් ඉන්නවානම් මතක් වෙන්නත් එක්කම. පෝල් රියානත් එක්කන් රියානගේ ලෝකෙට ආවා. හැමෝම දන්නවානේ රියානා මෙච්චර දවසක් පෝල්ගෙ ලෝකෙ හිරවෙලා හිටියා කියලා. හරි. දැන් ආයෙත් පෝල් රියානව එක්කන් රියානගේ ලෝකෙට ආවා. කොරියොන් අණදෙන කුළුණ ලඟට ඇවිල්ලා රියානට ආපහු එන්න ශක්ති දොරටුව ඇරගන්න උදවු කළා. පෝල් හරිම සැහැල්ලුවෙන් මේ ගමන ආවේ. මොකද පෝල් හිතුවා මේ ගමන ගිහින් ආවම හැම ප්‍රශ්නයක්ම ඉවරයි කියලා. නමුත් ඇත්තටම ඒ අවසානය නොවෙයි. අමාරුම ප්‍රශ්න ටික පටන් ගන්නේ අදින්. ඒකට මුල පිරීමක් වශයෙන් රියානගේ ලෝකෙදිම රියානා අතුරුදන් වුනා. ඉතින් පෝල්, කොරියොන්, බ්‍රෝන් කට්ටියම රියානා හොයාගෙන කැලෑවට යනවා. රියානත් හරිම කපටියි. අශ්කාට නොදැනෙන්න මං සලකුණු තියලා තමයි යන්නේ. ඉතින් රියානා හොයාගෙන යද්දි පෝල් දකිනවා පෝල්ගෙ නංගි ක්‍රිස්ටීන් රියානට දුන්න මාලේ ගහක තියෙනවා. පෝල් දැනගන්නවා මේ පැත්තට තමයි යන්න ඇත්තේ කියලා. ඒ නිසා කට්ටියම සලකුණු තිබුණ පාර දිගේ යනවා. මේ අතර අශ්කා පෝල්වත් ගුහාව ඇතුලට දාගන්නවා. නමුත් කොරියොන් එතනට එනවා. කොහොම හරි අන්තිමේදි අශ්කායි ග්‍රෙවෝනුයි දුවනවා. දුවලා යන්නේ දොරටුව ඇරගන්න. වැඩේ හරි යනවා. පෝල් එතනට එන්න කලින් අශ්කා දොර ඇරගෙන පෝල්ගෙ ලෝකෙට යනවා. නමුත් පෝල් හිතන්නේ අශ්කා ගිහින් නැතුව ඇති කියලා. පොල් ආපහු මේ ලෝකෙට ඇවිල්ලා සැනසුම් සුසුමක් හෙලන්නේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා හිතලා. නමුත් අලුත් ප්‍රහ්න වැලක ආරම්භය කියලා පෝල් දන්නේ නෑ. අශ්කා මේ ලෝකෙට ඇවිල්ලා පෝල් කරන දේ හොරෙන් බලන් ඉඳලා පෝල් පස්සෙන්ම යනවා. පෝල්ට මේ අතරතුර කාර් එකක් හම්බ වෙනවා නගරයට යන්න. අශ්කාත් නිකන් ඉන්නේ නෑ. බලඇඳුම නිසා කාර් එකක් නවත්තාගෙන නගරය පැත්තට යනවා. පෝල් එතනින් කෝච්චිය අල්ලන් ගෙදර යන්න යනවා. අශ්කා හාලි ඩේවිඩ්සන් එකක් පැහැර ගන්නවා. රෑ වුනාම ඉන්න තැනක් හොයා ගත්තා. වයසක අන්කල් කෙනෙක් බය කරලා එයාගෙ තැන කමයි අල්ලා ගත්තේ. කොහොම නමුත් අශ්කා මේ ලෝකෙට පැනලා විදුලි භාණ්ඩ අලෙවිසැලකටත් අලාභ හානි සිදු කරනවා. පෝල් මේක පත්තරෙන් දකිනවා. පෝල් හිතනවා අශ්කා ඇවිල්ලා කියලා. ඉතින් පෝල් මොනවා කරයිද? අශ්කා හොයන්න යයිද? එහෙමත් නැත්තන් අශ්කා පෝල්ව හොයාගෙන එයිද? හරියටම දැනගන්න මේ කොටසත් අරන් බලන්නම වෙනවා. එහෙනම් ඊලඟ කොටසින් හමු වෙනකන් ජය වේවා!!! පුලුවන ඉක්මනින් අනෙක් කොටසත් අරන් එන්නම්.


සිංහල උපසිරැසිය මෙතනින් බාගන්න


අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Magnet

Sunday, August 7, 2016

මායාබන්ධන - 20

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න ජයග්‍රාහී 20 කොටසත් අරගෙන ආවා. මේක එනකං මඟ බලන් හිටියද? සුපුරුදු පරිදි පහුගිය කොටස ගැන ටිකක් කියන්නම්කෝ.  ඔන්න පෝල් මාලු අල්ලන්න යනවා ඇලෙක්ස්ගෙ තාත්තත් එක්ක. ඒ වගේම කැත්‍රීනගෙ අම්මට කැත්‍රීනගෙ පන්තියෙ ඉන්න ක්‍රිස්ටීන් කෝල් කරලා කියනවා එයාට ගෙදර වැඩ වගයක් අහගන්න ක්‍රිස්ටීන් පුස්තකාලයට එවන්න කියලා. ඉතින් පෝල්ගෙ තාත්තා පෝල්ව බස්සන්න ඇලෙක්ස්ලගෙ ගෙදරට යන්න හදනවා. හොඳ වෙලාවට ජීනා එන නිසා පෝල්ට යන්න පුලුවන් වෙනවා. නැත්තන් පෝල්ගෙ මාලු බාන්න යන ගමනටත් සොරි තමයි. ඇලෙක්සුත් පෝල්ගෙ තාත්තා එක්ක මාලුබාන්න යන්නයි පිටත් වෙන්නේ. ඉතින් කැත්‍රීනගෙ ගෙදර විදුලි භාණ්ඩ හිටි හැටියේ නිකන්ම වැඩ කරන්න පටන් ගත්තා කියලා මතකයි නේද? ඉතින් විදුලි කාර්මික ශිල්පියාවත් දන්නෙ නෑ එහෙම වුනේ කොහොමද කියලා. මේ අතර කැත්‍රීනා ගෙදරින් පැනගන්නවා ක්‍රිස්ටීන්ට ගෙදර වැඩ කියලා දෙන්න. හික්ස්.  ඉතින් අර කොල්ලෝ සෙට් එක රියානයි ජෙසියි බෙනුයි පස්සෙන් පන්නනවා. එයාලා දුවනවා. මේ රේස් එක පෝලුයි ඇලෙක්සුයි දකිනවා. එයාලා මාලු බාන්න යනගමන්. ඉතින් රියානලා දුවගෙන යන්නේ ජෙසී නැවතිලා ඉන්න තැනට. ඇතුලට පැනලා හැංගෙන්න බැලුවත් වැඩක් නෑ. පෝලුයි ඇලෙක්සුයි දෙන්නත් ඇතුලට පනිනවා. කොහොම නමුත් බලඇඳුමට පින් සිද්ධ වෙන්න මේ තුන් දෙනා බේරා ගන්න පෝල්ටයි ඇලෙක්ස්ටයි පුලුවන් වෙනවා. ඉතින් පෝලුයි ඇලෙක්සුයි රියානයි තුන්දෙනා ස්ට්ෂන් එකට යන්න යනවා. ඒ අතරමඟදි දැනගන්නවා ඇලෙක්ස්ගේ පර්ස් එක නෑ කියලා. ඔය අතර කැත්‍රීනා වරායේ පහළ තියෙන පරණ බිල්ඩිමට එනවා පෝල්ටයි ඇලෙක්ස්ටයි සෙට් වෙන්න. ඒ එනකොට කැත්‍රීනට හම්බ වෙන්නේ පොලීසිය. ඉතින් කැත්‍රීනා ආපහු ගෙදරට ගිහින් දානවා. ඇලෙක්ස්ටත් ආයේ එන්න වෙන්නෙ නෑ පර්ස් එක ගන්න තැනදි තාත්තව සෙට් වුන නිසා. කොහොම හරි අන්තිමේදි ක්‍රිස්ටීන්ගෙ කැටේටත් විදලා පෝල් රියානව එක්කන් පෝල්ගෙ ලෝකෙට යනවා.  ඉතින් පෝල් රියානගේ පවුලේ අයව හමුවෙලා සමු දීලා එයාලා වීඩියෝ කැමරාවෙන් පටිගත කරගන්නවා පෝල්ගෙ තාත්තට පෙන්වන්න.

මාලිගාවෙන් පැනලා කිය අශ්කාටත් දැන් උවමනාව තියෙන්නේ පෝල්ගෙ ලෝකෙට යන්න. මොකද පෝල්ගෙ ලෝකෙ බලය තියෙනවා. ශක්තිය තියෙනවා. ඒවා අරගෙන බලවත් මායාබන්ධකයෙක් වෙලා රාජ්‍යාධිකාරීන් පරාජය කරලා මායාබන්ධකයන් පාලනය කරන්නයි අශ්කාට ඕනි. ඉතින් අශ්කා ග්‍රෙවෝන්ගෙ උදවු ඇතිව කටපිකමක් කරලා කොරියොන්ගෙ බල ඇඳුම හොරෙන් අරන් කැලෑවට පනිනවා. රියානා මේක දැකලා අශ්කා පස්සෙන් යද්දි රියානා අශ්කාට අහුවනවා. අහ්කාට ඕනි පෝල්ගෙ ලෝකෙ කොයි වගේද කියලා රියානාගෙන් විස්තර දැනගන්න. රියානා බොරු ගොඩාක් කියනවා අශ්කා පෝල්ගෙ ලෝකෙට යන එක නවත්තන්න. රියානා මඟ සළකුණු තියාගෙන තමයි යන්නේ. රියානා පැනලා යන්න හැදුවත් අශ්කා රියානව අල්ලා ගන්නවා. ඉතින් ඊට පස්සේ මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොසෙ බලන්නම වෙනවා. පෝල් එයිද මං සලකුණු දිගේ? පෝල් රියානව බේරා ගනියිද? එහෙමත් නැත්තන් අශ්කා පෝල්වත් අල්ලා ගයිද? මේ කොටසත් අරගෙනම බලන්නකෝ එහෙනම්. ඊලඟ කොටසත් අරන් එනකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා කියලා පතනවා.


සිංහල උපසිරැසි මෙතනින් බාගන්න


අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Magnet

මායාබන්ධන - 19

කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? ඔන්න ඔයාලා ආසාවෙන් බලන් හිටපු 19 කොටසටත් උපසිරැසිය අරන් ආවා. සුපුරුදු පරිදි පසුගිය කොටස ගැන ටිකක් කියන්නම්.
දැන් අණදෙන කුළුණ හදලා තියෙන්නේ. පෝල්ගේ රේඩියෝවට කොරියොන් කතා කරනවා නෙත් ගලෙන්. පෝල්ට මේකනම් පුදුමයක්. මොකද කොරියොන් මුඩු බිමට පිටුවහල් කළා අශ්කාගේ අභියෝගය පැරදුනු නිසා. මතකයි නේද?

මායාබන්ධන - 18

ඔන්න 18 වෙනි කොටසත් අරන් ආවා. මං දන්නවා මේක එනකන් මඟ බලාගෙන ඉන්නවා කියලා. සුපුරුදු පරිදි පසුගිය කොටසින් වෙච්ච දේවල් ටිකක් කියන්නම්. අමතක අයට මතක්කර ගන්නත් එක්කම. මතකයිනේ රියානා කෑම හදන් කාපු හැටි. ඉතින් පෝල් ඉස්කෝලෙ ඇරිලා එද්දි කුස්සිය පිස්සන් කොටුවක් වගේ. කොහොම හරි රියානාව අහුවුනා ක්‍රිස්ටීන්ට. විස්තරය කියද්දි ක්‍රිස්ටීන් නම් පිළිගත්තා මේ කතාව ඇත්ත කියලා. රියානව හංගන්න කලින් මෙන්න පෝල්ගෙ තාත්තත් එනවා. මොනවා කරන්නද? ලඟම තිබුණ කබඩ් එක ඇතුලේ රියානව හංගලා පෝලුයි ක්‍රිස්ටීනුයි එකතු වෙලා බොරු ගොඩාක් කියලා තාත්තව යවනවා. කොහොම හරි තාත්තාට හොරෙන් පෝලුයි ක්‍රිස්ටීනුයි රියානා ගේ ඇතුලේ තියන් ඉන්නවා. පෝල් ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙද්දි රියානටත් ඉස්කෝලෙ යන්න ඕනි වෙනවා. ඉතින් මොනවා කරන්නද?

Saturday, August 6, 2016

මායාබන්ධන - 17

ඔන්න 17 කොටසත් අරන් ආවා. පුරුදු පරිදි ඉස්සරලා කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. මතකයිද පසුගිය කොටස ඉවර වුන විදිහ.

පෝලුයි ඇලෙක්සුයි දෙන්නා බල ඇඳුමේ බලගල් ආරෝපණය කරගන්න වරායේ බහාලුම් ඔසවනය පාවිච්චි කරලා ඒ වැඩේ සාර්තකව කරගත්තා. බලගල් ආරෝපණය කරගෙන එද්දි ගෙදරට අලුත් සාමාජිකයෙක් ඇවිල්ලා. ජීනා. පෝල්ගෙ තාත්තා ජීනව ගෙනල්ලා තියෙන්නේ පෝල්ව බලාගන්න කියලා. මොකද පෝල්ගෙ තාත්තා හිතන් ඉන්නේ පෝල්ට වයර් කියලානේ. හික්ස්. රියානා හොස්පිටල් එකෙන් පනින්න හැදුව නිසා දැන් රියානා ආරක්ෂිත වාට්ටුවේ තමයි ඉන්නේ.  නමුත් පෝල් ඇලෙක්ස්, කැත්‍රීනා එකතු වෙලා රියානව එලියට ගන්න බල ඇඳුම පාවිච්චි කරන්නයි සූදානම. කොහොම හරි පෝල් බල ඇඳුම ඇඳගෙන ලෙඩ ඇඳක නිදාගෙන ඉන්නවා. ඇලෙක්ස් දොස්තර කබායකුත් දාගෙන පෝල්ගෙ ඔලුවත් ඔතාගෙන ඇඳේ තියලා තල්ලු කරන් යන්නේ ආරක්ෂක වාට්ටුව ත්යෙන තැනට. කැත්‍රීනත් නියම වෙලාවට කෝල් එකක් දෙනවා ආරක්ෂිත වෝඩ් එකට ඩොක්ටර් ලිම් ගෙ දුව වගේ. මේ අතරේ පෝල් බල ඇඳුම පාවිච්චි කරලා ආරක්ෂක වාට්ටුවට පනින්නේ රියානව බේරාගන්න. කොහොම නමුත් වාට්ටුව ඇතුලෙදි රියානගේ වතුර පහරකින් බලඇඳුම අක්‍රීය වෙනවා. මේ අතර වාට්ටුවේ දොර කඩලා ඇතුලට එන්න කට්ටිය සූදානම් වෙනවා. රියානා පෝල් ඇලෙක්ස් එක්කන් දුවන්නේ සෝදන්න තියෙන රෙදි පහතට යවන බෙල්ට් එක තියෙන කාමරේට. ඇලෙක්ස් හිතන්නේ කාමරේ ඇතුලේ කොටුවුනා කියලා. ඇලෙක්ස් නම් බයයි මේ බෙල්ට් එක දිගේ යන්න. එයාට දහසකුත් එකක් ප්‍රශ්න. නමුත් රියානා මේවා ගැන හිතන්නේ නැතුවම බෙල්ට් එක දිගේ පහළට යනවා. පෝල් ඊට පස්සේ යනවා. දොර කඩන්න ඔන්න මෙන්න තියෙද්දි ඇලෙක්සුත් පනිනවා වෙන කරන්න දෙයක් නැති නිසා. කොහොමින් හරි පෝල් රියානත් එක්කන් ගෙදරට එනවා. නමුත් ගෙදර අයට හොරෙන් තමයි රියානව තියාගන ඉන්නේ. පොල්ට උදේම ඉස්කෝලෙ යන්න සිද්ධ වුන නිසා රියානට කෑම හදන් කන්න කියලා පෝල් යනවා. ඉතින් රියානා ලස්සනට උයාගෙන කනවා. ඒක ඉතින් බලපු අයට මතකයිනෙ නේද? ඒ වගේම රියානා රූපවාහිනිය බලන විදිහත් මතක ඇතිනේ. කොහොම නමුත් රියානා ගෙදර ඉන්නවා කියලා ක්‍රිස්ටීන් දැනගන්නවා. කොහොම හරි පෝල් එක කොන්දේසියකට එකඟ කරවාගෙන රියානා ක්‍රිස්ටීන්ගෙ කාමරේ තියාගන්න ක්‍රිස්ටීන් කටයුතු කරනවා.

මේ අතර රියානගේ ලෝකෙ සිද්ධ වෙන දේ දන්නවා නේද? රියානගේ තාත්තා දැන් ඉන්නේ කැලේ මැද. එයාව බේරාගෙන තියන් ඉන්නේ කොරියොන්. බ්‍රෝන් පෝල්ගෙ කැමරාව අරන් දුවනවා. කොරියොන්ටත් ඕනි මේ කැමරාව රාජ්‍යාධිකාරීන්ට පෙන්වන්න. ඒ නිසා කොරියොන්, බ්‍රෝන්, ෂෙන්ඩර් කියන තුන් දෙනාම මාලිගාවට යන්න කැලේ මැදින් යනවා. මාරන්, යාල්, අර්ලා තුන්දෙනා ඉන්නේ අශ්කාගේ හිර භාරයේ. අශ්කා මේ තුන් දෙනා මාලිගාවට අරන් යනවා. අතරමඟදී බොරුවක් කියලා අර්ලා කැලෑවට දුවනවා අශ්කාගෙන් බේරිලා. බ්‍රෝන් මාලිගාවට කැමරාව අරන් යන්න කලින් ක්ලේහිල්වලට එන්නේ එයාගෙ පවුලෙ අනික් අය හොඳින් ඉන්නවාද කියලා දැනගන්න. මේ අතර කැලෑවට දුවපු අර්ලා බ්‍රෝන්ට මුණගැහෙනවා. බ්‍රෝන් විස්තරේ දැනගන්නේ අර්ලාගෙන්. ඒ නිසා බ්‍රෝන් අහුවෙන්නේ නැතුව කැලෑවට දුවනවා. දැන් කට්ටියම යන්නේ මාලිගාවට. ඉතින් අද කොටසත් අරන් බලන්න මොනවා වෙයිද කියලා. එහෙනම් 18 කොටසත් අරන් පුලුවන් ඉක්මනින් එන්නම්. මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා කියලා පතනවා.


සිංහල උපසිරැසි මෙතනින් බාගන්න


අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Magnet

මායාබන්ධන - 16

ඔන්න 16 කොටසටත් උපසිරැසිය අරන් ආවා. ඉතින් කොහොමද කට්ටියටම? මඟ බලන් හිටියා නේද මේකත් අරන් එනකන්. පුරුදු විදිහටම පහුගිය කොටස ටිකක් මතක් කරන්නම්කෝ.  පෝල් නම් ගෙදර ඉන්නේ. නමුත් රියානා පෝල්ගෙ ලෝකෙ අතරමං වෙලා. එයා හැම තැනම පෝල්ව හොයනවා. මේ අතරේ රියානට තවත් ගෑණු ළමයෙක් හමුවෙනවා. එයා ජෙසී. ජෙසී කියන්නේ චිත්‍ර අඳින කෙල්ලෙක්. මිනිස්සු එයාට සල්ලි කීය කීය හරි දාලා යනවා. එයා මල්ලිත් එක්ක ජීවත් වෙන්නේ ඒ විදිහට තමයි. රියානට ආයේ පාරක් ජෙසීව හමු වෙනවා. රියානා ජෙසීගෙන් උදවු ඉල්ලනවා. නමුත් ජෙසී වැඩිය රියානව ගනන් ගන්නේ නෑ. ජෙසී රියානව එලාව ගන්නවා. නමුත් මේ අතර ජෙසීගෙ මල්ලි බෙන්ට පොඩි කරදරයක් වෙනවා. බෙන්ගේ ගේම් ප්ලෙයර් එක කොල්ලො දෙන්නෙක් බලෙන් ගන්නවා. රියානා මැදිහත් වෙලා බෙන් බේරා ගන්නවා. මේ සිද්ධිය නිසා ජෙසී රියානට කතා කරලා විස්තර අහනවා. දැන් රියානයි ජෙසියි හොඳ යාළුවෝ. ජෙසී රියානත් එක්කන් එයා ඉන්න තැනට යනවා. රියානා ජෙසීගෙන් උදවු ඉල්ලනවා පෝල්ව හොයන්න. නමුත් පෝල් ගේ නමේ ඉතුරු කෑල්ල රියානට මතක නෑ. කොහොම හරි රේන් වගේ එකක් කිවුවට පස්සේ ජෙසි ඩිරෙක්ටරිය බලලා රෙනෝල්ඩ්ස් කියන එක හොයාගන්නවා. නමුත් පෝල්ගෙ තාත්තාගේ නමේ මුල් කෑල්ල රියානට මතක නෑ. කොහොම හරි ජෙසී මල්ලි බෙන්ට කරන කියවීමේ පාඩමක් නිසා අන්තිමේදි බ්‍රේන් කියන වචනෙ නිසා බ්‍රයන් කියන කෑල්ලත් මතක් වෙනවා. බ්‍රයන් රෙනෝල්ඩ්ස් කියන නම හොයාගන්නේ ඒ විදිහට.  ඉතින් පහුවදා බ්‍රයන් රෙනෝල්ඩස්ට පණිවිඩයක් දෙනවා කියලා කට්ටියම රෑ නින්දට යනවා.
මේ අතර අශ්කා රියානගේ පවුලෙ අය හොයාගෙන යනවා. අශ්කට බ්‍රෝන් අතේ තියෙන කැමරාව ගන්නකන් නිකන් පිස්සු වගේ ඉන්නේ. මොකද ඒකෙ තියෙන දේ රාජ්‍යාධිකාරීන් දැක්කොත් අනිවාර්යයෙන්ම අශ්කව පිටුවහල් කරන නිසා. අශ්කා මාරන්ගෙන් අහනවා බ්‍රෝන් කොහෙද ඉන්නේ කියලා. නමුත් මාරන් අශ්කට කියනවා එයා ඉන්න තැන දැනගත්තත් කියන්නෙ නෑ කියලා. ඒකට තරහ ගිය අශ්කා රියානගේ ගේ ගිණිතියනවා. ඒ වගේම සතියක් ඇතුලත බ්‍රෝන් අල්ලලා දුන්නේ නැත්තන් මුලු ක්ලේහිල් ගමම ගිණිතියනවා කියලා අශ්කා තර්ජනය කරනවා. ඒ වගේම මාරන්, අර්ලා, යාල් තුන් දෙනත් හිරකරන්න කියලා අශ්කා අණ කරනවා.
රියානයි ජෙසියි බෙනුයි නිදාගෙන ඉන්න තැන ගැලවීමේ හමුදාවෙන් පනිනවා. ජෙසියි බෙනුයි පැනලා දුවනවා. නමුත් කොහොම හරි රියානට පැනගන්න බැරි වෙනවා. වැටිලා කකුල උළුක් වෙනවා. ඊට පස්සේ රියානව රෝහලකට අරන් ගිහින් ඇඩ්මිට් කරනවා. රියානා රෝහලේදි කරන දේවල් නිසා කට්ටිය හිතන්නේ රියානට මොලේ අවුලක් තියෙනවා කියලා. ඒ නිසා රියානව මනෝ වෛද්‍ය වරයෙකුට යොමු කරනවා. කොහොම හරි ජෙසී පෝල්ට පණිවිඩයක් තියලා තියෙනවා රියානා ඉනනේ මවුන්ට් එලිසබෙත් රෝහලේ කියලා. පෝල් රියානව බලන්න යනවා. නමුත් රියානව එලියට ගන්න දෙන්නෙ නෑ රියානගේ වයස අඩු නිසා. ඒ නිසා පෝල්ට රියානා තියලා ආපහු යන්න සිද්ධ වෙනවා.  කොහොම හරි රියානා මෙතනින් පැනලා යන්න උත්සාහ කරනවා. මේ අතර පෝල් ඇලෙක්ස් එක්ක එකතු වෙලා බලඇඳුමේ බලගල ආරෝපණය කරගන්න උත්සාහ කරනවා වරාවේ භාවිතා කරන ෆෝක් ලිෆ්ට් එකේ කාන්දම භාවිතා කරලා. හරි. පෝල්ගේ උත්සාහය සාර්ථකයි. පෝල් බලගල ඇඳුමට සවිකරලා බලඇඳුම ක්‍රියාත්මක කරනවා. එතකොට වෙන දේ දැක්කා නේද? හරි... ඊට පස්සේ වෙන දේ දැනගන්න මේ කොටස උපසිරැසියත් එක්කම රසවිඳින්න. ඊ ලඟ කොටසත් අරන් ඉක්මනින්ම එනකන් ජය වේවා!!!

අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Magnet

මායාබන්ධන - 15

ඉතින් කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? ඔන්න මං 15 වෙනි කොටසත් අරන් ආවා. පසුගිය කොටසේ වෙච්ච දේ මතකද? රියානා පෝල්ගෙ ලෝකෙ හිරවෙනවා. අනදෙන කුළුණ විනාශ කළ නිසා ඒක අලුත්වැඩියා කරනකන් දොර අරින්න බැරි වෙනවා. මොනවා කරන්නද? පෝල් රියානා, ඇලෙක්ස්, කැත්‍රීනා ගෙදර යන්න දුම්රියපලට එනවා. මේ අතර රියානා අහස්යානයක් දැකලා පුදුමෙන් ඒක දිහා බලන් ඉන්නවා. මේ අතර පෝල්, ඇලෙක්ස්, කැත්‍රීනා කට්ටිය කෝච්චියට නඟිනවා. කොහොම හරි රියානට කෝච්චියට නැගගන්න බැරි වෙනවා. රියානා අතරමං වෙනවා. පෝල් යාලුවෝ දෙන්නත් එක්ක ආපහු ඇවිල්ලා රියානව හෙව්වත් හම්බ වෙන්නෙ නෑ. කොහොමහරි පෝල් පොලීසියට අහු වෙලා එක්කන් යනවා. පොලීසියෙදි පෝල්ව අඳුරගන්නවා නැතිවුන පෝල් රෙනෝල්ඩ්ස් කියලා. ඊට පස්සේ පෝල්ව වෛද්‍යවරයෙකුට පෙන්නලා තාත්තටත් එන්න කියලා පෝල් තාත්තට භාර දෙනවා. ඊට පස්සේ පෝල් ගෙදර ගියත් රියානා හොයාගන්න බැරි වෙනවා. රියානටත් මේ ලෝකෙ පුරුදු නෑනෙ. රියානා පෝල්ව හොය හොයා නගරය පුරාම ඇවිදිනවා. පෝල් රියානගෙ ලෝකය ගැනයි මායාබන්ධකයෝ ගැනයි විස්තර තාත්තට කීවත් එයා විස්වාස කරන්නෙ නෑ. මොකද දොස්තර කීවා එයා කියන හැම දෙයක්ම ගනන් ගන්න එපා කියලා. ඒ නිසා එයා පෝල් කියන දේවල් අහගෙන හිටියත් විශ්වාස කරන්නෙ නෑ. නමුත් විශ්වාස කරනවා වගේ පෙන්වනවා.
මේ අතර රියානගේ ලෝකෙ අශ්කා පෝල්ගෙ කැමරාව පස්සේ පන්නනවා. බ්‍රෝන් කැමරාවත් අරන් කැලේට දුවන්නේ පවුලේ අනෙක් අය බේරා ගන්න. දැන් කට්ටියම බ්‍රෝන් පස්සෙන් පන්නනවා. නමුත් අශ්කා බ්‍රෝන්ගෙ පවුලෙ අනික් අයව හොයනවා. ග්‍රෙවෝන් තව මිනිස්සු කට්ටියක් එක්ක බ්‍රෝන් පස්සෙන් පන්නනවා. කොරියොන් පිටුවහල් කළා මතකයි නේද? මංකොල්ලකාරයෝ කොරියොන්ව බේරාගෙන කඳවුරට අරන් ඇවිල්ලා. අශ්කා බ්‍රෝන් ගැන නෙත් ගලෙන් කියන දේ කොරියොන්ට ඇහෙනවා. කොරියොන් යනවා බ්‍රෝන්ව බේරා ගන්න. ෂෙන්ඩර් බ්‍රෝන්ගෙ ඇඳුම ඇඳගෙන දුවලා ග්‍රෙවෝන්ලාව අතරමං කරනවා. ඉතින් මේ කොට‍සේ මොනවා වෙයිද කියලා අරගෙනම බලන්න. ඊ ලඟ කොටසත් අරන් ඉක්මනින්ම එන්නම්. ජය වේවා!!!


අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් අරගන්න


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Magnet