Tuesday, June 28, 2016

මායාබන්ධන - 08

ඔන්න එහෙනම් 8 වෙනි කොටසටත් සිංහල සබ අරන් ආවා. මේක දෙන්න දවස් දෙක තුනක් පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕනි. ගිය කොටස ඉවර වුනේ පෝල් වලකට වැටෙනවා. මොකක්ද මේ වල? ආදී මායාබන්ධකයන්ගෙ මාලිගාවක්.

මේ මාලිගාව ඇතුලට වැටුන පෝල් බය වෙලා බෙරිහන් දෙනවා. රියානයි රාජ්‍යාධිකාරී කොරියොනුයි දෙන්නා එකතු වෙලා පෝල්ව බේරා ගන්න මාලිගාවට බහිනවා. ඒකෙ කොරියොන් හොය හොය හිටිය දේවල් ගොඩක් හම්බ වෙනවා.

මේ අතර අනෙක් ලෝකයේ පෝල්ගෙ යාලුවා ඇලෙක්සුයි කැත්‍රීනයි සාහිත්‍ය කඳවුරකට සහභාගි වෙනවා මේ පෝල් අතුරුදන්වුන ගුහාව ලඟ. මේ දෙන්නා මේ සාහිත්‍ය කඳවුරට එන්නේ ඉගෙන ගන්න නෙමෙයි. හේතුව දැනගන්නත් එක්ක මේ කොටස සබ් එක්කම රසවිඳින්න. එහෙනම් අපි ගියා. ඊලඟ කොටසින් හැකි ඉක්මනින්මු හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. ජය වේවා!!!

අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් ගන්න


Magnet


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Saturday, June 25, 2016

මායාබන්ධන - 07

ඔන්න එහෙනම් මායාබන්ධන 07 කොටසටත් සබ ගෙනාවා. ඉතින් කොහොමද කලින් දුන්න සබ්? වැරදි අඩුපාඩු නම් හොඳටම ඇති. ඒවා පෙන්නලා දුන්නොත් වටිනවා.

ඉතින් ඉස්සරලා දුන්න කොටස අවසන් වෙන්නේ අශ්කයි ග්‍රෙවෝනුයි එකතු වෙලා පෝල් හංගන්න උත්සාහ කරන තැනින්. එයාලා පෝල් බිංගේකට අරන් ගිහිල්ලා වෙඩිබෙහෙත් හදවා ගන්නයි උත්සාහ කරන්නේ. ඒ අතරේ රියානා හිරකරන්නත් උත්සාහයක් ගන්නවා. ඒ අතරෙ පෝලුයි ග්‍රෙවෝනුයි දෙන්නා බිංගේ ඇතුලේ ඉඳන් වෙඩිබෙහෙත් හදනවා.

ඉතින් වැඩි විස්තර ඕනි නෑනෙ. අරගෙන බලන්නකෝ මේ කොටසත් පෝල් වෙඩිබෙහෙත් හදන හැටි.


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

මායාබන්ධන - 06

ඔන්න 6 වෙනි කොටසටත් සබ අරන් ආවා. මතකනෙ පසුගිය කොටස කොතනින්ද ඉවර වුනේ කියලා. පෝල් රාජ්‍යාධිකාරීන් හමුවෙලා තමන්ගෙ ලෝකෙ විස්තර කියනවා. නමුත් අශ්කට ඹ්නි පෝල්ගෙ දැණුම ලබා ගන්න. ඒ නිසා පෝල්ගෙ හිත දිනාගන්න අශ්කා ගොඩක් දේවල් කරනවා ග්‍රෙවෝන් එක්ක එකතු වෙලා. මේ අතර රියානා මායාබන්ධන මාලිගාවට එමින් ගමන් ඉන්නේ. ඉතිනි විස්තර නම් මොකටද නේද? කවුද නොදන්නේ මායාබන්ධන ගැන. එහෙනම් කැමති අය ඉන්නවානම් මේකත් අරන් රසවිඳින්න.

එහෙනම් 7වන කොටසින් හම්බවෙමු. ජය වේවා.



Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Friday, June 24, 2016

මායාබන්ධන - 05

4 වෙනි කොටස ඉවර වුනේ පෝල් ගිණිකෙලි හදපු වරදට අත්අඩංගුවට අරන් හිර කරපු තැනින්. ඉතින් අද කොටසෙදි වෙන්නේ අශ්කා ඇවිල්ලා පෝල්ව රාජ්‍යාධිකාරීන් ලඟට අරන් යනවා. නමුත් අශ්කට තියෙනවා වෙන අදහසක්. අශ්කට ඕනි පෝල්ට දඬුවම් කරන්න නෙමෙයි. අශ්කයි ග්‍රෙවෝනුයි එකතු වෙලා ගහන්න හදන ගැටේ මොකක්ද කියලා බලාගන්න මේ කොටසත් අරන් බලන්න වෙනවා.

ඉතින් වැඩි කතා මොකටද? මේ කතා මාලාව නොබලපු කෙනෙක් නැති තරම්නෙ. එහෙනම් මේ කොටසෙත් උපසිරැසි අරන් බලන්න හොඳද කියලා. කැමතිනම් කොමෙන්ට් එකකුත් දැම්මට වරදක් නෑ.


අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් ගන්න


Magnet : 


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Thursday, June 23, 2016

මායාබන්ධන - 04

ඔන්න හතරවෙනි කොටසටත් උපසිරැසි අරන් ආවා. පසුගිය කොටස අවසන් වුනේ පෝල් රියානාගේ ගෙදර මඩුවෙ හොරෙන් ඉන්නකොට රියානාගේ අම්මට අහුවෙන තැනින්. ඉතින් එතනට අණදෙන්නා එනවා. පෝල්ගෙ තාත්තා අණදෙන්නට කියනවා පෝල් නෑදෑ වෙන කෙනෙක් කියලා.

ඉතින් පෝල් රියානාගේ ලෝකයේ දවස ගෙවන හැටි කොහොමද කියලා බලන්න මේ කොටසත් අරන් බලන්න. එහෙනම් වැඩි විස්තර ඕනි නැහැනේ. උපසිරැසිය පහළින් බාගන්න.

කැමතිනම් කමෙන්ට් එකකුත් කොටාගෙනම යන්න.

අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න



Magnet Link



Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Wednesday, June 22, 2016

මායාබන්ධන - 03

ඔන්න යාළුවනේ මං තුන්වෙනි උපසිරැසියත් අරන් ආවා. කලින් උපසිරැසිරැසිය කොහාමද? හොඳට තිබුණද? වැරදි අඩුපාඩු නම් තියෙන්න ඇති. මොකද මං මීට කලින් උපසිරැසි හදලා නෑ කියලා දන්නවනෙ ඉතිං.

මායාබන්ධන කතා මාලාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මොකද මේක හැම කෙනෙක්ම බලලා තියෙනාව කියලා මං දන්නවා. නමුත් රූපවාහිනියේ යද්දි බලනවා වගේ නෙමෙයි නේද එක දිගමට බලන්න තියෙනවානම්.

ඉතින් අද කතාව ගැන කියනවානම්, පෝල් දැන් ඉන්නෙ සමාන්තර ලෝකෙක හිරවෙලා. එයාට එහෙදි හම්බ වුණ රියානා දැන් පෝල්ගෙ යාළුවෙක්. දැන් රියානා උදවු කරනවා පෝල්ට එයාගෙ ලෝකෙට යන්න.

ඉතින් කතාව මෙතනින් එහාට ගලාගෙන යන්නෙ කොහොමද කියලා දැනගන්න මේ සබ් එකත් අරගෙනම බලන්න.

මේකෙ හොඳ නරක කියලා කැමතිනම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. එහෙනම් ජය වේවා!!!


අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


මැග්නට් ලින්ක්



Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Monday, June 20, 2016

මායාබන්ධන - 02

ඉතින් කොහොමද යාලුවනේ. ඔන්න මං දෙවනි උපසිරැසියත් ගෙනාවා. කලින් දවසෙ කතාව ඉවර වුන තැන මතකයිනෙ. ඒ පෝල්ව කෙනෙක් අල්ලාගැනීමෙන්. ඒ කවුද කියලා නොදන්න කෙනෙක් නෑ. ඉතින් පෝල්ට මොකද වෙන්නෙ කියලා බලාගන්නත් එක්කම මේ සබ් එකත් අරන් බලන්න එහෙනම්.

ජය!!!




ඕනිනම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් ගන්න

මැග්නට් ලින්ක්


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Thursday, June 16, 2016

මායාබන්ධන - 01

කොහොමද යාළුවනේ. මං මේ බ්ලොග් එක හදන්න හිතුවේ මායාබන්ධන කියන රූපවාහිනී කතා මාලාවට උපසිරැසි ලබා දෙන්න කියලා හිතාගෙන. මොකද මේ කතා මාලාව අපි කවුරුත් හරිම ආසාවෙන් බලපු එකක්. 1985-1990 අතර වගේ කාලවල්වල ඉපදුනු අය තමයි දන්නෙ මේකෙ රස.

තව විශේෂයෙන් දෙයක් කියන්න ඕනි. මං මේ කතා මාලාවට උපසිරැසි හැදුවේ තනියම. ඒ කියන්නෙ මේ කතා මාලාවට ඉංග්‍රීසි උපසිරැසියක්වත් හොයාගන්න තිබුනෙ නෑ. ඒ නිසා අසා ලිවීමක් තමයි කරන්න සිද්ධ වුනේ. ඉතිනි වැරදිනම් ගොඩාක් ඇති. නමුත් මං හිතන්නෙ නෑ ඒක රසවින්දනයට බාධාවක් කියලා.

ඉතින් කතාව ගැන විශේෂයෙන් කියන්න දෙයක් නෑනෙ. ලොකු කුඩා හැමෝම දන්නවා මේ කතා මාලාව ගැන. පෝල්, ඇලෙක්ස්, කැත්‍රීනා, කියන්නෙ එකම පන්තියේ යාළුවෝ ටිකක්. පොල්, අැලෙක්ස් කියන්නෙ හොඳම යාළුවෝ දෙන්නා. ඉතින් කට්ටිය සෙට් වෙනවා සූර්යග්‍රහණයක් ගැන පර්යේෂණයක් කරන්න ගුහාවකට යන්න. ඉතින් මෙතනදි පෝල් හිටි හැටියේ අතුරුදන් වෙනවා.

එහෙනම් එතන ඉඳන් කතාව දන්වානෙ. කමක් නෑ කැමති අය බන්න අරගෙන. කමෙන්ට් එකකතුත් දාලා යන්න.

ටොරන්ට් ලින්ක් එකේ සියළුම කොටස් අන්තර්ගත වෙනවා. ඔක්කොම බාගත්තත් කමක් නෑ. නැත්තන් පළවෙනි කොටස විතරක් බාගන්න. ලින්ක් දෙක පහළ තියෙනවා.

දෙවනි කොටසෙන් ඉක්මනටම හමුවෙමු. ජය වේවා!



ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


මැග්නට් ලින්ක් --> 

(Launch Application බටන් එක මත ක්ලික් කරන්න)


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E