Tuesday, July 19, 2016

මායාබන්ධන - 14

ඔන්න 14 ත් අරන් ආවා. පසුගිය කොටසෙදි පෝල් කොහොම හරි ආයෙත් මේ ලෝකෙට ආවා සමාන්තර ලෝකයේ ඉඳලා. අශ්කත් එන්නයි සූදානම් වුනේ. නමුත් රියානා අශ්කව නැවැත්තුවා. අශ්කට ඕනි වුනේ පෝල්ටත් යන්න නොදී ඉන්න. ඒ නිසා අණදෙන කුළුණට බල ඇඳුමින් ප්‍රහාරයක් එල්ල කරනවා. නමුත් කොහොම හරි පෝල් දොරටුවෙන් මේ ලෝකෙට පැනගන්නවා රියානගෙ උදවුවෙන්. ඒ අතර රියානා අශ්කට මේ ලෝකෙට එන්න නොදී මඟ හරස් කරනවා. එතකොට අශ්කා රියානට බල ඇඳුමෙන් පහර දෙන්න සූදානම් වෙන නිසා පෝල් පැනලා රියානව බේරාගන්නවා. ඒ අතර අණදෙන කුළුනේ පිපිරීමක් වෙලා දොර වැහෙනවා. දැන් රියානයි පෝලුයි දෙන්නම මේ ලෝකෙ. නැවත දොර ඇරගන්න විදිහක් නෑ අණදෙන කුළුණ විනාශ වුන නිසා. ඉතින් මේ කොටසෙදි වෙන්නෙ මොකක්ද කියලා දැනගන්න මේ කොටස අරගෙනම බලන්න. ඉක්මනින්ම 15 කොටස අරන් එන්නම්. එහෙනම් ජය වේවා!!!

අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න.


Magnet Link


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Saturday, July 16, 2016

මායාබන්ධන - 13

ඔන්න 13 වෙනි කොටසත් අරන් ආවා. මතකද කලින් කොටසෙදි මොකද වුනේ කියලා? පෝල් සමාන්තර ලෝකෙ ඉඳන් ඇලෙක්ස්ටයි කැත්‍රීනාටයි රේඩියෝ එකෙන් කතා කරනවා. පෝල් මේ දෙන්නට කියනවා ගුහාව ලඟට එන්න කියලා. පෝල් ඉන්නේ රියානගෙ ගෙදර. රියානයි ඇලෙක්සුයි දෙන්නා පෝල්ගෙ තාත්තට මේ ගැන කියනවා. නමුත් පෝල්ගෙ තාත්තා පිළිගන්නෙ නෑ පෝල් සමාන්තර ලෝකෙක ඉන්නේ කියලා. ඉතින් මේ දෙන්නා කෝච්චියෙන් ගුහාව ලඟට යනවා පහුවදා.

පෝල්ට මේ ලෝකෙට එන්න පුලුවන් වෙයිද? අශ්කා දැන් පෝල්ගෙ කැමරාව නිසා පෝල්ගෙ පස්සෙන් පන්නනවා. පෝල්ගෙ කැමරාවෙ තියෙන දේ රාජ්‍යාධිකාරීන් දැක්කොත් අශ්කව පිටුවහල් කරනවා. ඉතින් මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටසත් අරගෙනම බලන්න. එහෙනම් 14 වෙනි කොටසින් හමුවෙනකන් ජය වේවා!!!


අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E


Magnet

Wednesday, July 13, 2016

මායාබන්ධන - 12

ඔන්න 12 වෙනි කොටසත් ගෙනාවා. පොඩ්ඩ දවසක් පරක්කු වුනා නේද? හැමෝගෙන්ම සමාව ඉල්ලනවා පරක්කු වුනාට. ඉතින් පසුගිය කොටස ඉවර වුන තැන මතකද? පෝලුයි රියානයි මාලිගාවෙන් පැනලා යන්න හදන්නේ. එයාලා පියාඹන නැවට නැගලා නැව ගුවන්ගත කරන්න උත්සාහ කරනවා. නමුත් පෝල්ට ඒක කරගන්න බැරි වෙනවා. ඉතින් පෝලුයි රියානයි කොහොමද පැනලා යන්නේ? මේ අතර පෝල්ගෙ කැමරාවෙ සටහන් වෙලා තියෙන වීඩියෝවෙ හඬ පටයක් රාජ්‍යාධිකාරීන්ට ඇහෙනවා. අශ්කා කියන්නේ රාජ්‍යාධිකාරීන් මෝඩයෝ කියලා. ඉතින් අශ්කා මේක රාජ්‍යාධිකාරීන්ට ඇහෙන එක වලක්වන්න මොකද කරන්නේ? මේ ගැන හරියටම දැනගන්න මේ කොටස අරගෙනම බලන්න වෙනවා. එහෙනම් 13 වෙනි කොටසින් හමුවෙනකන් ජය වේවා!!! වැරදි අඩුපාඩු ගල් මුල් ඔක්කොම කමෙන්ට්වලින් එවන්න. ඒවා සතුටින් භාරගෙන අඩුපාඩු ටික හදාගන්නම්.


අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Magnet

Sunday, July 10, 2016

මායාබන්ධකයන්ගේ ලෝකය

මායාබන්ධකයන්ගේ ලෝකය ගැන පොඩි ලිපියක් ලියන්න කල්පනා වුනේ සබ් කරගෙන යද්දි ඇහුන, අත්වින්ද අලුත් වචන ටිකක් නිසා. මායාබන්ධන කතාමාලාවට පිස්සු වැටුන අයටනම් මේ වචන අලුත් දෙයක් නෙමෙයි. නමුත් අලුතෙන්ම බලන කෙනෙක් ඉන්නවානම් මං හිතනවා මං මේ කියන්න යන ටික වැදගත් වෙයි කියලා.

මේ ලෝකය සමාන්තර ලෝකයක්. එක ඉර හඳක් පෑයුවත් මේක මේ අපි ජීවත් වන ලෝකය නෙමෙයි. මේ ලෝකය පාලනය කරනු ලබන්නේ මායාබන්ධකයන් විසින්. ඉතින් මේ ලෝකයේ තියෙන සමහර දේවල් අපේ ලෝකයේ නෑ. අලුත් දේවල් ඒ ලෝකෙ තියනවා අපිට නුපුරුදු. මේ උත්සාහය ඒ නුපුරුදු වචන ටික මොනවද කියලා තේරුම් කරලා දෙන්න. දැන් බලමු මේ ලෝකෙ තියෙන අපේ ලෝකෙ නැති අමුතු දේවල්මොනවද කියලා.

Saturday, July 9, 2016

මායාබන්ධන - 11

ඔන්න මායාබන්ධන 11 කොටසත් අරන් ආවා. මතකද පසුගිය කොටසේ වෙච්ච දේවල්? අශ්කා පෝල්ගෙන් වෙඩිබෙහෙත් හදන හැටි අහගන්නයි හදන්නේ. ඒ අතරේ අශ්කා කියනවා මංකොල්ලාකාරයෝ කොරියොන්ව මැරුවා කියලා. ඒත් කොරියොන් නැවත මාලිගාවට එනවා.

අද අශ්කා කොරියොන්ට අභියෝගයක් කරනවා. බලමු මොකක්ද කියලා මේ අභියෝගය. කොරියොන් අභියෝගය භාර ගනියිද? මේ ටික දැනගන්න මේ කොටස සිංහල උපසිරැසි එක්කම රසවිඳින්න. එහෙනම් 12 කොටසින් හමුවෙමු. ජය වේවා!!!

අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Hash Info : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Magnet Link

Wednesday, July 6, 2016

මායාබන්ධන - 10

ඔන්න 10 වෙනි කොටසටත් උපසිරැසි අරන් ආවා. ඉතින් මොකද වෙන්නේ මේ කොටසේ? මතකද පහුගිය කොටස ඉවර වුන තැන? මංකොල්ලාකාරයොන්ගෙ කඳවුරේදි කොරියොන් පිටුවහල් කරන්න හදනවා මුඩු බිමට. ඉතින් පෝල්, කොරියොන් දෙන්නා රෑම පැනලා යනවා. නමුත් ඔවුන්ට උදේ වෙනකන්ම පාර හොයාගන්න බැරි වෙනවා. කොරියොන් පැනලා ගියා කියලා දැනගත්තම සියලුම දෙනා ඒ දෙන්නා හොයනවා. නමුත් මේ අතර එක්කෙනෙක් පෝල්ටයි කොරියොන්ටයි උදවු කරනවා මේ කඳවුරෙන් පැනලා මාලිගාවට යන්න.

ඉතිනි වැඩි විස්තර මොකටද? අරගෙනනම රස විඳින්න. පුලුවන් නම් කමෙන්ට් එකක් දාලා වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්න. ජය වේවා! 11 වෙනි කොටසින් හමුවෙමු එහෙනම්.


අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Magnet


Hash info : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Sunday, July 3, 2016

මායාබන්ධන - 09

කොහොමද යාළුවනේ. ඔන්න මායාබන්ධන 09 වෙනි කොටසයත් උපසිරැසි අරන් ආවා. මතකද පසුගිය කොටස ඉවර වුන තැන. මායාබන්ධක රාජ්‍යාධිකාරී කොරියොන් පෝල්ට ගෙදර යන්න උදවු කරන්නයි ලෑස්ති වෙන්නේ. නමුත් ඒක සාර්ථක කරගන්න බැරිවුනා. එතනට නොසිතූ විදිහට අණදෙන්නයි එයාගෙ පුතා ග්‍රෙවෝනුයි ආවා. ඉතින් කොරියොන්ට සිහිය ආව නිසා බේරිලා කට්ටිටම ගියා. යද්දි මංකොල්ලා කාරයන්ට අහුවුනා. ඉතින් දැන් මොකද වෙන්නේ? මෙයාලා මංකොල්ලාකාරයන්ට අහුවෙනවද? නැත්තන් පැනලා දුවනවද? මේ කොටසෙත් පෝල්ගෙ වැඩකිඩ ටිකක් තියෙනවා. ඉතින් වැඩි කතා ඕනි නෑනෙ. අරගෙනම බලන්න එහෙනම්.


අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න



Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E