Monday, September 19, 2016

මායාබන්ධන-මකර රජදහන සියළුම සිංහල උපසිරැසි එකම තැනකින්


මායාබන්ධන කතා මාලාවේ දෙවන සීසන් එකත් අපි පොඩි දවස්වල ගොඩාක් ආසාවෙන් බලපු කතාවක්. මේ කතාමාලාවේ සමාන්තර ලෝක කිහිපයක් ගැන කතා කරනවා. ඉතින් අද ඉඳන් මායාබන්ධන රසිකයන්ට මේ කතා මාලාව නැවත රස විඳින්න පුලුවන් වෙයි කියලා හිතනවා. මායාබන්ධන රසිකයන්ට ටොරන්ට් එක හොයාගත්තට තියෙන ලොකුම අඩුපාඩුව තමයි උපසිරැසි නැතිකම. ඉතින් මං ලෑස්ති වෙන්නේ ඒ අඩුව පුරවන්න. මං විතරක් නෙමෙයි මගේ උදවුවට තවත් කෙනෙක් ඉන්නවා. ඒ තමයි මගේ නංගි. නිශාරා මධුවන්ති. එයා තමයි මේ උපසිරැසි අහලා ලියලා දෙන්නේ. මං ඉතින් ඒවා සිංහලට පරිවර්තනය කරලා උපසිරැසි ගොණුවේ ඉතිරි ටික හදනවා. අපි දෙන්නාගෙම උත්සාහයේ ප්‍රතිපලයක් විදිහට තමයි මේ උපසිරැසි ගොණුව ඔයාලගෙ අතට එන්නේ. ඉතිං නංගී, මං ඔයාට ගොඩාක් ස්තූති වන්න වෙනවා මේ කරන උදවුවට සියළුම මායාබන්ධන රසිකයන් වෙනුවෙන්.

මේ කතාමාලාව 1997 වසරෙදි තමයි නිෂ්පාදනය කලේ. IMDB අගය 7.9/10 ක් පමණ ලබාගෙන තියෙනවා. මං හිතන්නෙ ගොඩක් ඉහළ අගයක්. නමුත් මායාබන්ධන පළමු කතාමාලාවට වඩා පොඩි අඩුවක් තියනවා. ඉතින් එහෙනම් උපසිරැසි සියල්ලම පහතින් අරගන්න. ජය වේවා!!!

Torrent Hash : 08B97BC00DEAFC4343A753B613612CD6E41EF180


Saturday, September 17, 2016

මායාබන්ධන I සියළුම උපසිරැසි එකම තැනකින්


මායාබන්ධන පළමු කතා මාලාව සඳහා සියළුම උපසිරැසි එකම තැනකින් භාගත තරගන්න.

 click