කොහොමද යාළුවනේ. මං මේ බ්ලොග් එක හදන්න හිතුවේ මායාබන්ධන කියන රූපවාහිනී කතා මාලාවට උපසිරැසි ලබා දෙන්න කියලා හිතාගෙන. මොකද මේ කතා මාලාව අපි කවුරුත් හරිම ආසාවෙන් බලපු එකක්. 1985-1990 අතර වගේ කාලවල්වල ඉපදුනු අය තමයි දන්නෙ මේකෙ රස.
තව විශේෂයෙන් දෙයක් කියන්න ඕනි. මං මේ කතා මාලාවට උපසිරැසි හැදුවේ තනියම. ඒ කියන්නෙ මේ කතා මාලාවට ඉංග්‍රීසි උපසිරැසියක්වත් හොයාගන්න තිබුනෙ නෑ. ඒ නිසා අසා ලිවීමක් තමයි කරන්න සිද්ධ වුනේ. ඉතිනි වැරදිනම් ගොඩාක් ඇති. නමුත් මං හිතන්නෙ නෑ ඒක රසවින්දනයට බාධාවක් කියලා.
ඉතින් කතාව ගැන විශේෂයෙන් කියන්න දෙයක් නෑනෙ. ලොකු කුඩා හැමෝම දන්නවා මේ කතා මාලාව ගැන. පෝල්, ඇලෙක්ස්, කැත්‍රීනා, කියන්නෙ එකම පන්තියේ යාළුවෝ ටිකක්. පොල්, අැලෙක්ස් කියන්නෙ හොඳම යාළුවෝ දෙන්නා. ඉතින් කට්ටිය සෙට් වෙනවා සූර්යග්‍රහණයක් ගැන පර්යේෂණයක් කරන්න ගුහාවකට යන්න. ඉතින් මෙතනදි පෝල් හිටි හැටියේ අතුරුදන් වෙනවා.
එහෙනම් එතන ඉඳන් කතාව දන්වානෙ. කමක් නෑ කැමති අය බන්න අරගෙන. කමෙන්ට් එකකතුත් දාලා යන්න.
ටොරන්ට් ලින්ක් එකේ සියළුම කොටස් අන්තර්ගත වෙනවා. ඔක්කොම බාගත්තත් කමක් නෑ. නැත්තන් පළවෙනි කොටස විතරක් බාගන්න. ලින්ක් දෙක පහළ තියෙනවා.
දෙවනි කොටසෙන් ඉක්මනටම හමුවෙමු. ජය වේවා!
Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E
No comments:
Post a Comment