Sunday, July 10, 2016

මායාබන්ධකයන්ගේ ලෝකය

මායාබන්ධකයන්ගේ ලෝකය ගැන පොඩි ලිපියක් ලියන්න කල්පනා වුනේ සබ් කරගෙන යද්දි ඇහුන, අත්වින්ද අලුත් වචන ටිකක් නිසා. මායාබන්ධන කතාමාලාවට පිස්සු වැටුන අයටනම් මේ වචන අලුත් දෙයක් නෙමෙයි. නමුත් අලුතෙන්ම බලන කෙනෙක් ඉන්නවානම් මං හිතනවා මං මේ කියන්න යන ටික වැදගත් වෙයි කියලා.

මේ ලෝකය සමාන්තර ලෝකයක්. එක ඉර හඳක් පෑයුවත් මේක මේ අපි ජීවත් වන ලෝකය නෙමෙයි. මේ ලෝකය පාලනය කරනු ලබන්නේ මායාබන්ධකයන් විසින්. ඉතින් මේ ලෝකයේ තියෙන සමහර දේවල් අපේ ලෝකයේ නෑ. අලුත් දේවල් ඒ ලෝකෙ තියනවා අපිට නුපුරුදු. මේ උත්සාහය ඒ නුපුරුදු වචන ටික මොනවද කියලා තේරුම් කරලා දෙන්න. දැන් බලමු මේ ලෝකෙ තියෙන අපේ ලෝකෙ නැති අමුතු දේවල්මොනවද කියලා.



මායාබන්ධකයන් [Spellbinders]





මායාබන්ධකයන් (Spellbinders) කියන්නේ මේ ලෝකෙ පාලනය ගෙනියන අය. මේ අය අතරෙත් රාජ්‍යාධිකාරීන් (Regents) ඉන්නවා. මේ කට්ටිය තුන් දෙනෙක් තමයි මේ කතාවෙදි හම්බ වෙන්නේ. කොරියොන් ( Correon) ඒ අයගෙන් එක්කෙනෙක්. අනික් දෙන්නා තමයි ලූකන් (Lukan) සහ (Marna). මේ අය තමයි මායාබන්ධකයන්ගේ ප්‍රධානීන්.


බල ඇඳුම [Power Suit]


මායාබන්ධකයන්ගේ වැදගත්ම දේ තමයි බල ඇඳුම කියන්නේ. ඒකෙන් තමයි හැම කෙනෙක්ම භය කරලා තියාගෙන ඉන්නේ. ඒ වගේම පියාඹන යානය පණගන්වන්නත් මේ බල ඇඳුම ඕනි කරනවා. මේක ගැන ගොඩක් විස්තර ඕනි නෑනෙ.


බල ගල් [Power Stones]


බලගල් කියන්නේ අපේ ලෝකෙ බැටරි වගේ දෙයක්. නමුත් ඉතා විශාල බලයක් ගබඩා කරලා තියන්න පුලුවන්. මේ බලගල් නැවත ආරෝපණය කරන්න පුලුවන්. බල ඇඳුමට බලය සපයන්නේ බලගල්වලින්. බලගල්වල බලය අඩුවුනාම වෙනත් එකක් බලඇඳුමට දාගන්න ඕනි. නැත්තන් බල ඇඳුමත් සාමාන්‍ය ඇඳුමක් විතරයි.


අණදෙන කුලුණ [Summoning Tower]


මේක තමයි ගමටම අණ දෙන කුලුණ. ඒ කියන්නේ ගමටක ඉන්නවා අණදෙන්නෙක්. ඒ අණදෙන්නා ගමේ ප්‍රශ්න සියල්ලම රාජ්‍යාධිකාරීන්ට දන්වන්නේ මේ අණදෙන කුළුණ හරහා. ඒකට තව උපකරණයක් යොදාගන්නවා. ඒකට කියන්නෙ නෙත්ගල (Eyestone) කියලා. ඒ වගේම පියාඹන නැවු නතර කරන්නේ මේ අණදෙන කුළුණ උඩ. මේ අණදෙන කුලුණ තවත් දේකට යොදාගන්නවා. ඒ තමයි ගමකට තියෙන බල මූලස්ථානයක් විදිහට. මේ අණදෙන කුලුණට බලය ලැබෙන්නේ මාලිගාවේ ප්‍රධාන බල මූලස්ථානයෙන්. තවත් විදිහකට කියනවානම් මේකෙදි සිද්ධ වෙන්නේ රැහැන් රහිතව කරන විදුලි සම්ප්‍රේෂණයක්.


අණදෙන්නා [Summoner]


අණදෙන්නා කියන්නේ හැම ගමකම ඉන්න ප්‍රධානියා. එයා තමයි ගමේ සිද්ධවෙන හැම දෙයක්ම වගේම හැම ප්‍රශ්නයක්ම රාජ්‍යාධිකාරීන්ට කියන්නේ. මෙයා අණදෙන කුළුණ හරහා තමයි පණිවිඩ රාජ්‍යාධිකාරීන්ට යවන්නේ


නෙත්ගල [Eyestone]


නෙත්ගල කියන්නේ හරියට අපි පාවිච්චි කරන සෙලියුලර් දුරකථනය වගේ එකක්. මේ තරම්ම දියුණු නෑ. ඇත්තටම වෝකිටෝකි එක වගේ. නෙත්ගල හරහා දෙදෙනෙක් කරන කතාවකට තවත් නෙත්ගලක් තියෙන කෙනෙක්ට සවන් දෙන්න පුලුවන්. මේ නෙත්ගල හැම කෙනෙක් ලඟම නෑ. මේක පාවිච්චි කරන්න පුලුවන් මායාබන්ධකයින්ට විතරයි. ඒ වගේම සෑම ගමකම ඉන්න අණදෙන්නා ලඟත් නෙත්ගලක් තියෙනවා.


මේක අපේ ලෝකෙත් තියෙනවනෙ නේද. නමුත් මේක අපේ ලෝකෙ තියෙන ඒවා වගේ නෙමෙයි. මේක ගමන් කරන්නේ හරි හිමින්. ඒ වගේම පියාඹන නැවුවල යන්න පුලුවන්නෙ මායාබන්ධකයොන්ට විතරයි. සාමාන්‍ය මිනිස්සුන්ට මේවගෙ යන්න බෑ. තවත් දෙයක් මේ පියාඹන නැවුවල බල උත්පාදකයක් නෑ. ඒ කියන්නේ මේ පියාඹන නැව බලය ලබාගන්නේ අණදෙන කුළුණුවලින්. තවත් විදිහට කියනවානම් පියාඹන නැව ඒ ඒ ප්‍රදේශවලදී බලය ලබාගන්නේ ලඟම තියෙන අණදෙන කුළුණෙන්. යම් විදිහකින් අණදෙන කුලුණක් විනාශ කළොත් ඒ ලඟින් ගමන් කරන පියාඹන නැව බිම.


බල මූලස්ථානය [Center Of Power]


බල මූලස්ථානය තියෙන්නේ මාලිගාවේ. මේ මූලස්ථානයෙන් තමයි සෑම තැනකටම බලය බෙදා හරින්නේ. ඒ කියන්නේ සෑම ගමකත තියෙන අණදෙන කුළුණුවලට බලය සපයන්නේ, ඒ වගේම බලගල් සජීවි කරගන්නේෙ, මාලිගාවට ආලෝකය සපයන්නේ, පියාඹන නැවු ගමන් කරවන්නේ, නෙත්ගල් ක්‍රයාත්මක වෙන්නේ. ඉතින් මේක ඉතාම වැදගත් ස්ථානයක්. මේකට කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න බෑ. ඒක තහනම් කළාපයක්. මායාබන්ධකයින්ට විතරයි මේකට ඇතුල් වෙන්න පුලුවන්. ඒ වගේම බල මූලස්ථානයේ වැඩ කරන සේවකයන්ට පුලුවන්.


මායාබන්ධක මාලිගාව [Spellbinder castle]


රාජ්‍යාධීකාරීන් වගේම මායාබන්ධකයන් ජීවත් වෙන්නේ මේ මාලිගාවේ තමයි. ඒකට ඇතුල් වීම පිට කිසිම කෙනෙකුට තහනම්. කිසියම් කෙනෙක් මේකට ඇතුල් වුනොත් එයා සදහටම මේ මාලිගාවේ වැඩකාරයෙක් විදිහට ඉන්න ඕනි. එහෙමත් නැත්තන් පිටුවහල් කරනවා [Vanish] මුඩු බිම්වලට. මේක තමයි මායාබන්ධකයෝ ලබාදෙන ලොකුම දඩුවම. මුඩුබිම් කියන්නේ මායාබන්ධකයන්ගෙ අත්හදා බැලීමක් නිසා විනාශ වී ගිය භූමියක්. එහි ගස්වැල් නෑ. ජලය නෑ. ඒ නිසා එහෙට ගිය කෙනෙක් මැරෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ වගේම මායාබන්ධකයෝ කියන්නේ මේ බිම විනාශ වුනේ අඳුරක් ඇවිල්ලා කියලා. ඒ අඳුර ගෙනාවේ මංකොල්ලකාරයන් (Marauder) කියලා තමයි කියන්නේ. ඒ නිසා මංකොල්ලාකාරයන්ට (Marauders) මේ මිනිස්සුයි මායාබන්ධකයොයි හැමෝම ගොඩක් බයයි.


මංකොල්ලකාරයෝ [Marauder]


මංකොල්ලාකරයෝ කියන්නෙ කවුද කියලා දන්නවනෙ. මෙහේ වගේම තමයි කිසිම අඩුවක් නැතුව එහෙත් මංකොල්ලකාරයෝ ඉන්නවා. මේ අය මිනිස්සුන්ගෙ දේවල් හොරෙන් අරන් ගිහින් තමයි ජීවත් වෙන්නේ. මේ අයගෙන් වැඩි පිරිසක් පිටුවහල් කරපු අර. පොඩි පොඩි වැරදි වලට අහුවුනත් මායාබන්ධකයෝ කරන්නේ මිනිස්සුන්ව මුඩුබිම්වලට නෙරපන එක. මායාබන්ධකයෝ හිත්න ඉන්නේ මුඩුබිම්වලට ගිහින් දැම්මම මේ මිනිස්සු මැරෙනවා කියලා. නමුත් මංකොල්ලාකාරයෝ මේ අයව බේරාගෙන මංකොල්ලාකාරයෙක් (Marauder) කරගන්නවා.

ඔන්න ඔයවිදිහට තමයි මායාබන්ධකයන්ගේ දේශයේ වැඩ සිද්ධ වෙන්නේ... එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!!!

No comments:

Post a Comment